large ad banner
/
/
title icon ලිට්රෝ හෙට මැදියම් රැයෙන් පසු අඩුවන්නේ මෙහෙමයි.
ලිට්රෝ හෙට මැදියම් රැයෙන් පසු අඩුවන්නේ මෙහෙමයි.
Editor
1 year ago
Share:
ලිට්රෝ හෙට මැදියම් රැයෙන් පසු අඩුවන්නේ මෙහෙමයි.

හෙට මධ්‍යම රාත‍්‍රියේ සිට ක‍්‍රියාත්මක වන පරිදි ලිට්රෝ 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100 ත් 200 ත් අතර මිලකින් අඩු කිරීමට නියමිත බව වාර්තා වනවා.

ආරංචි මාර්ග සඳහන් කළේ දැනට වෙළඳපොලට සපයා ඇති ගෑස් සිලින්ඩර සඳහාද පාරිභෝගිකයාටද අසාධාරණයක් නොවන පරිදි නව  මිල ගණන් යටතේ අලෙවි කිරීමේ ක‍්‍රමවේදයක් සකස් කරන බවයි.

ලෝක වෙළඳපොලේ ගෑස් මිල පහළ යාමට සාපේක්ෂවයි යළිත් වරක් ගෑස් මිල අඩුකිරීමට මෙලෙස ලිට්රෝ සමාගම තීරණය කර ඇත්තේ.

පසුගිය අගෝස්තු මස 9 වනදා ද කිලෝග‍්‍රෑම් 12යි දශම 5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 246 කින් පහත දැමීමට ලිට්රෝ සමාගම පියවර ගත්තා. ඒ අනුව ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් මේ වනවිට අලෙවි වන්නේ රුපියල් 4,664 ක මිලකටයි.

මේ අතර ලිට්රෝ සමාගම සිය ගෘහස්ථ ගෑස් සිලින්ඩර විදෙස් ගත ශ‍්‍රී ලාංකිකයන්ට මෙරට සිටින සිය නෑදෑ හිතමිතුරන් වෙනුවෙන් ඩොලර් ගෙවා ඇණවුම් කිරීමේ හැකියාව සළසා දීමට සූදානම් වනවා. ඒ සඳහා විශේෂ යෙදවුමක් හඳුන්වා දෙන බවයි එම සමාගම ප‍්‍රකාශ කළේ.

Top Ads
New Posts Coming Soon
View All Ads
Urgent Ads
New Posts Coming Soon
View All Ads
Popular Ads
New Posts Coming Soon
View All Ads
Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required