large ad banner
/
/
title icon පිටිගල වෙඩි තැබීමක් – අයෙක් මරුට.
පිටිගල වෙඩි තැබීමක් – අයෙක් මරුට.
Editor
1 year ago
Share:
පිටිගල වෙඩි තැබීමක් – අයෙක් මරුට.

පිටිගල – තල්ගස්වල ප‍්‍රදේශයේ ඊයේ රාත‍්‍රියේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ 31 හැවිරිදි පිටිගල – මියාගම ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්. මෙම පුද්ගලයා සවස් කාලයේ නගරයට ගොස් යළි යතුරුපැදියකින් නිවසට පැමිණෙමින් සිටියදී නිවස ආසන්නයේදී වෙඩි ප‍්‍රහාරයට ලක්ව ඇති බව සඳහන්.

සැඟව සිටි පුද්ගලයෙකු වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවටයි මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ. වෙඩි වැදුනු පුද්ගලයා බරපතල තුවාල ලබා ඇල්පිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

වැඩිදුර පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයා පොලියට මුදල් ලබාදෙන අයෙකු බවයි.

මෙම ඝාතනය මුදල් ආරවුලක් මත සිදුවන්නට ඇති බවටයි මූලික පරීක්ෂණවලදී තොරතුරු ලැබී ඇත්තේ.

සැකකරු මෙතෙක් හඳුනාගෙන නොමැති අතර, විශේෂ පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ සඳහා යොදවා ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

Top Ads
New Posts Coming Soon
View All Ads
Urgent Ads
New Posts Coming Soon
View All Ads
Popular Ads
New Posts Coming Soon
View All Ads
Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required