large ad banner
/
/
title icon අයවැය යෝජනා කඩිනමින් ක්‍රියාවට නංවන්න ජනපතිගේ උපදෙසින් කමිටුවක්.
අයවැය යෝජනා කඩිනමින් ක්‍රියාවට නංවන්න ජනපතිගේ උපදෙසින් කමිටුවක්.
Editor
1 year ago
Share:
අයවැය යෝජනා කඩිනමින් ක්‍රියාවට නංවන්න ජනපතිගේ උපදෙසින් කමිටුවක්.

අතුරු අයවැය යෝජනා කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා කමිටුවක් පත් කර තිබෙනවා. ජනාධිපති රනිල් වික‍්‍රමසිංහගේ උපදෙස් මත ජනාධිපති ලේකම්වරයා විසින් මෙම කමිටුව පත් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

කේ.ටී. කමල් පද්මසිරි එම කමිටුවේ සභාපති ලෙස පත් කර තිබෙනවා.

ඒ අනුව අමාත්‍යංශ, දෙපාර්තමේන්තු සහ රාජ්‍ය ආයතන විසින් ක‍්‍රියාත්මක කර ඇති ව්‍යාපෘති කාර්යාල සහ ව්‍යාපෘති කළමනාකරණ ඒකක මගින් අපේක්ෂිත කාර්ය ඉටුකර ඇද්ද යන්න පිළිබඳව මෙහිදී සොයා බැලීමට නියමිතයි.

එමෙන්ම, ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම පවතින රේඛීය අමාත්‍යංශවලට සිදු කළ හැකිද, ව්‍යාපෘති සඳහා අනුමත සේවක සංයුතියට පරිබාහිරව සේවකයින් බදවා ගැනීම සිදු කර තිබේද යන්න පිළිබඳව ද මෙම කමිටුව හරහා සොයා බැලෙනු ඇති. මෙම කමිටුවේ නිර්දේශ ඇතුලත් වාර්තාව නොවැම්බර් 15 වන දිනට පෙර ඉදිරිපත් කිරීමට ද නියමිතයි.

Top Ads
New Posts Coming Soon
View All Ads
Urgent Ads
New Posts Coming Soon
View All Ads
Popular Ads
New Posts Coming Soon
View All Ads
Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required