large ad banner
/
/
title icon පාකිස්තානය සමඟ ශ්‍රී ලංකාව ආසියානු කුසලාන අවසන් මහා තරඟයට – ඇෆ්ගන් – පාකිස්තාන ක්‍රීඩාලෝලීන් ගුටි කෙලියක.
පාකිස්තානය සමඟ ශ්‍රී ලංකාව ආසියානු කුසලාන අවසන් මහා තරඟයට – ඇෆ්ගන් – පාකිස්තාන ක්‍රීඩාලෝලීන් ගුටි කෙලියක.
Editor
1 year ago
Share:
පාකිස්තානය සමඟ ශ්‍රී ලංකාව ආසියානු කුසලාන අවසන් මහා තරඟයට – ඇෆ්ගන් – පාකිස්තාන ක්‍රීඩාලෝලීන් ගුටි කෙලියක.

ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ ඊයේ පැවැති තියුණු තරඟයකින් අනතුරුව ඇෆ්ගනිස්ථානය පරාජයට පත්කළ පාකිස්තානු කණ්ඩායම අවසාන මහා තරඟයට සුදුසුකම් ලබා ගත්තා.

තරඟයේ පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 6 දැවී ලකුණු 129 ක් රැස් කළා.

අනතුරුව ලකුණු 130ක ජයග‍්‍රාහි ඉලක්කයක් හඹා ගිය පාකිස්තාන කණ්ඩායමට පන්දු වාර 19 යි පන්දු 2 ක් තුළදී සිය ඉලක්කය සපුරා ගනු ලැබුවේ කඩුළු 9 ක් දැවි තිබියදී.

ඒ අනුව, ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පාකිස්ථානු කණ්ඩායම ලබන 11 වනදා අවසාන මහා තරඟයට ක්‍රීඩා කරනු ඇති.

මේ අතර, ඊයේ තරඟයෙන් අනතුරුව ඇෆ්ගනිස්ථාන සහ පාකිස්තාන ක්‍රීඩා ලෝලීන් අතර, ගුටිබැට හුවමාරුවක් සිදුවන ආකාරයද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

ඇතැම් ක්‍රීඩාලෝලීන් ක්‍රීඩාගාරයේ ආසනද කඩා බිඳ දමමින් කලහකාරී ලෙස හැසිරී ඇති බවයි එම වාර්තාවල දැක්වුණේ.

 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required