වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට සහ පෞද්ගලික හේතූන් මත හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද උදෑසන ඇමරිකාව බලා පිටත්ව ගියා.
ඔහුට ලබන වසරේ ජනවාරි මස 15 වැනිදා තෙක් විදේශ ගතවීම සදහා පසුගියදා අධිකරණයේ අවසර හිමි වුණා.
පසුගිය ජුලි 09 වනදා ඔහු විදෙස්ගතවීම සදහා කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණිය ද එවකට පැණනැගුණු ජනතා විරෝධය හමුවේ එම සංචාරය අවලංගු කිරීමටයි කටයුතු කළේ.