/
/
title icon රැජිණගේ දේහය බකිංහැම් මාලිගයට.
රැජිණගේ දේහය බකිංහැම් මාලිගයට.
Editor
1 year ago
Share:
රැජිණගේ දේහය බකිංහැම් මාලිගයට.

දෙවන එලිසබත් රැජිනගේ දේහය මේ වනවිට ලන්ඩනයේ බකිංහැම් මාලිගය වෙත රැගෙනවිත් තිබෙනවා.

දහස් සංඛ්‍යාත ජනතාවක් ඇයට ගෞරව දැක්වීම සඳහා මේ වනවිටත් එහි පැමිණ ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

පැය කිහිපයක් බකිංහැම් මාලිගයේ තැන්පත් කරන දේහය අනතුරුව වෙස්මිනිස්ටර් ඇබේ දේවස්ථානය වෙත රැගෙන යාමට නියමිතයි.

බකිංහැම් මාලිගයට රැගෙන ඒමට පෙර රැජිනගේ දේහය ස්කොට්ලන්ත ශාන්ත ජයිල්ස් දේවස්ථානයේ තැන්පත් කර තිබූ අතර දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා දහස් සංඛ්‍යාත පිරිසක් එහි පැමිණ තිබුණා.

මේ අතර, ඇමරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලය රැජින වෙනුවෙන් මොහොතක නිශ්ශබ්දතාවයක් පවත්වා ඇති අතර කොංග‍්‍රසයේ පහල මන්ත්‍රී මණ්ඩලය ඇයට ගෞරව දැක්වීම සඳහා යෝජනාවක්ද සම්මත කරගනු ලැබුවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required