large ad banner
/
/
title icon මෝටර් රථයක් දුම්රියෙහි ගැටීමෙන් තිදරු පියෙකු ජීවිතක්ෂයට.
මෝටර් රථයක් දුම්රියෙහි ගැටීමෙන් තිදරු පියෙකු ජීවිතක්ෂයට.
Editor
1 year ago
Share:
මෝටර් රථයක් දුම්රියෙහි ගැටීමෙන් තිදරු පියෙකු ජීවිතක්ෂයට.

විදුලි සංඥා ක‍්‍රියාත්මක වෙමින් තිබියදී දුම්රිය හරස් මාර්ගයක් ඔස්සේ ධාවනය වූ මෝටර් රථයක් දුම්රියෙහි ගැටීමෙන් තිදරු පියෙකු ඊයේ ජීවිතක්ෂයට පත්වුණා.

මෙම අනතුර සිදුව තිබුණේ ගම්පහ – යාගොඩ දුම්රිය ස්ථානය අසල දුම්රිය හරස් මාර්ගයේදියි. මෙලෙස මියගොස් තිබුණේ යාගොඩ ප‍්‍රදේශයේම පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙක්.

සිද්ධිය ඇසින් දුටුවන් ප‍්‍රකාශ කළේ ඉදිරියෙන් ගමන් කළ මෝටර් රථයක් සමඟ මෙම මෝටර් රථයද අනතුරු ඇඟවීමේ සංඥා දැල්වෙමින් තිබියදී දුම්රිය මාර්ගය හරහා ගමන් කිරීමට උත්සාහ දරා ඇති බවයි.

එම අවස්ථාවේ දුම්රිය මාර්ගයේ මෝටර් රථය නැවතී ඇති අතර, ඉන් පිටතට පැමිණෙන ලෙසට අවට සිටි පිරිස මියගිය පුද්ගලයාට කෑ ගසා ඇතත්, මෝටර් රථය ඉවතට ගැනීමට හෝ ඉන් පිටතට පැමිණීමට ඔහුට නොහැකි වී තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required