/
/
title icon පාස්කු ප‍්‍රහාරයේ සැකකරුවෙකු ලෙස මෛත‍්‍රීට නොතීසි.
පාස්කු ප‍්‍රහාරයේ සැකකරුවෙකු ලෙස මෛත‍්‍රීට නොතීසි.
Editor
1 year ago
Share:
පාස්කු ප‍්‍රහාරයේ සැකකරුවෙකු ලෙස මෛත‍්‍රීට නොතීසි.

පාස්කු ප‍්‍රහාරයට අදාළ නඩුවක සැකකරුවෙකු ලෙස නම් කළ හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේනට ලබන මස 14 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ – කොටුව මහේස්ත‍්‍රාත් තිලිණ ගමගේ අද නියෝග කළා.

පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් සිරිල් ගාමිණී පියතුමන් සහ එහි වින්දිතයෙකු ගොනුකළ පැමිණිල්ලකට අදාළව මෙම නඩුව පවරා තිබෙනවා.

ත‍්‍රස්ත ප‍්‍රහාරය එල්ල වූයේ එවකට ජනාධිපතිවරයා සහ ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළ මෛත‍්‍රිපාල සිරිසේනගේ නොසැළකිල්ල හේතුවෙන් බැවින් ඔහු සැකකරුවෙකු ලෙස නම් කර අධිකරණය හමුවට කැඳවන ලෙස පැමිණිලිකරුවන් ඉල්ලා සිිටියා.

එය පිළිගනිමිනුයි මහේස්ත‍්‍රාත්වරයා හිටපු ජනාධිපතිවරයාට නොතීසි නිකුත් කිරීමට මෙලෙස පියවර ගනු ලැබුවේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required