large ad banner
/
/
title icon මුදල් ගෙවා ගත නොහැකිව ඉන්ධන නෞකා කිහිපයක් මුහුදේ.
මුදල් ගෙවා ගත නොහැකිව ඉන්ධන නෞකා කිහිපයක් මුහුදේ.
Editor
1 year ago
Share:
මුදල් ගෙවා ගත නොහැකිව ඉන්ධන නෞකා කිහිපයක් මුහුදේ.

ඉන්ධන නෞකා කිහිපයකටම මුදල් ගෙවා නොමැතිවීම හේතුවෙන් තවදුරටත් මෙරට මුහුදු සීමාවේ රඳවා ඇති බව වාර්තා වනවා.

පසුගිය සිකුරාදා විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්වීටර් පණිවුඩයක් නිකුත් කරමින් ප‍්‍රකාශ කළේ ඔක්ටේන් 92 වර්ගයේ පෙට‍්‍රල් මෙට්‍රික් ටොන් 37,000 ක් සහ බොරතෙල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ගොඩබෑමේ කටයුතු එදින ආරම්භ කරන බවයි.

එසේම, එමඟින් ඔහු සඳහන් කළේ ගොඩබෑම ආරම්භ කළ ඞීසල් මෙට්‍රික් ටොන් 40,000 ක නෞකාවක ගොඩබෑමේ කටයුතු ඊයේ පෙරවරුවේ අවසන් කිරීමට නියමිතව ඇති බවයි.

කෙසේ වෙතත්, මේ වනවිට දිවයිනට පැමිණ ඇති ඞීසල් නෞකාවක්, බොරතෙල් නෞකාවක් සහ පෙට්රල් නෞකාවකට මුදල් නොගෙවීම නිසා ගොඩබෑමේ කටයුතු සිදුකර ගැනීමට නොහැකි වී ඇති බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පවසනවා.

එහි කැඳවුම්කරු ආනන්ද පාලිත කියා සිටියේ වාරික ක‍්‍රමයට ඇතැම් නෞකාවලට මුදල් ගෙවා නිදහස් කර ගැනීමේ කටයුතු සිදුවන බවයි.

Top Ads
New Posts Coming Soon
View All Ads
Urgent Ads
New Posts Coming Soon
View All Ads
Popular Ads
New Posts Coming Soon
View All Ads
Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required