/
/
title icon ඍජු බදු ඉහළ නැංවීම රජයේ ඉලක්කය බව වැඩබලන මුදල් ඇමති කියයි.
ඍජු බදු ඉහළ නැංවීම රජයේ ඉලක්කය බව වැඩබලන මුදල් ඇමති කියයි.
Editor
1 year ago
Share:
ඍජු බදු ඉහළ නැංවීම රජයේ ඉලක්කය බව වැඩබලන මුදල් ඇමති කියයි.

වක‍්‍ර බදු ප‍්‍රතිශතය අවම කර ඍජු බදු ප‍්‍රතිශතය ඉහළ නැංවීම රජයේ ඉලක්කය බව වැඩබලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ මුදල් අමාත්‍යාංශයට අයත් ආයතනවල ප‍්‍රධානීන් සමඟ ඊයේ පැවති සාකච්ඡාවකදියි.

මෙහිදී වැඩබලන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ නව අපනයන කෙරෙහි රටක් ලෙස අවධානය යොමු කළ යුතු බවයි.

සුරාබදු දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව මේ වනවිට රා අපනයනය තුළින් රුපියල් බිලියන 4.2 ක වාර්ෂික ආදායමක් උපයන අතර, එය, බිලියන 10 ක් පමණ දක්වා ඉහළ නැංවීමට ඉලක්ක කළ යුතු බව මුදල් වැඩබලන අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මෙම හමුවේදී වැඩිදුරටත් සඳහන් කළා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required

logo