large ad banner
/
/
title icon ජනතාවගෙන් 60‍‍% ක් ගන්නා ආහාර ප‍්‍රමාණය අඩුකර ඇති බව හෙළිවේ.
ජනතාවගෙන් 60‍‍% ක් ගන්නා ආහාර ප‍්‍රමාණය අඩුකර ඇති බව හෙළිවේ.
Editor
1 year ago
Share:
ජනතාවගෙන් 60‍‍% ක් ගන්නා ආහාර ප‍්‍රමාණය අඩුකර ඇති බව හෙළිවේ.

රටේ පවතින ආහාර හිඟතාවය හේතුවෙන් සියයට 60 ක පමණ ජනතාව ලබා ගන්නා ආහාර ප‍්‍රමාණය අඩුකර ඇති බව දත්තවලින් වාර්තා වී ඇති බව ජාතික ආහාර සුරක්ෂිතා පිළිබද ජනාධිපති උපදේශක ආචාර්ය සුරේන් බටගොඩ පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ආහාර සුරක්ෂිතතාවය හා පෝෂණය පිළිබඳ බහු ආංශික ඒකාබද්ධ යාන්ත‍්‍රණය ක‍්‍රියාත්මක කිරීමේ වැඩසටහනට ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී එක්වෙමින්.

එහිදී පවතින තත්වය සම්බන්ධයෙන් සියලූ දිස්ත‍්‍රික් ලේකම්වරුන් සහ ප‍්‍රාදේශිීය ලේකම්වරුන්ද දැනුවත් කර තිබෙනවා.

එහිදී ආහාර සුරක්ෂිතතාවය හා පෝෂණය පිළිබද දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා කර ඇති අතර ඊට අදාළව එළැඹෙන සතියේ සිට ගෙයින් ගෙට ගොස් අවශ්‍ය දත්ත රැස්කිරීමේ කටයුතුද ආරම්භ කරන බවයි ආචාර්ය සුරේන් බටගොඩ ප‍්‍රකාශ කළේ.

මේ අතර විෂ සහිත සහල් ආනයනය කර ඇති බවට පළවන වාර්තා පදනම් විරහිත සාවද්‍ය එකක් බව රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සදහන් කළේ 2017 වසරේදී සිදුකළ පර්යේෂණයක වාර්තාවක් මේ වන විට සමාජයේ සහ ඇතැම් මාධ්‍ය වාර්තා කර ඇති බවයි.

එමෙන්ම ජනාධිපති මාධ්‍ය අංශයද අද දහවල් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ විෂ සහිත සහල් ආනයනය කර ඇති බවට පළවන වාර්තා අසත්‍ය බවයි.

2017 වසරේ සිදුකළ පරීක්ෂණයක් ආශ‍්‍රයෙන් ඇතැම් පුවත්පත් මෙවැනි වාර්තාවක් පළ කර තිබූ බවද එහි දැක්වෙනවා. මෙවැනි ප‍්‍රචාරයන් මගින් මහජනතාව තුළ අනවශ්‍ය කැළඹීම් ඇතිවිය හැකි බවයි ජනාධිපති මාධ්‍ය අංශය පෙන්වා දෙන්නේ.

විෂ සහිත සහල් ආනයනය කර ඇති බවට පළවන අසත්‍ය වාර්තා සම්බන්ධයෙන් සොයා බලන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිිලි කරන බව වෙළඳ වානිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ ලේකම් එස් කොඩිකාර ප‍්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ පලිබෝධනාශක රෙජිස්ට‍්‍රාර් කාර්යාලය, ජනවාරි සිට මේ දක්වා ආනයනය කරන ලද සහල් සම්බන්ධයෙන් විශ්ලේෂණ වාර්තාවක් නිකුත් කර ඇති බවට පළවන වාර්තා අසත්‍ය බවයි.

කෙසේ වෙතත් මෙරටට ගෙන්වන සියලූම සහල් වර්ග පරික්ෂාවකින් තොරව වෙළදපොලට සහ රට තුළ පරිභෝජනය සදහා නිකුත් නොකරන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර ආරක්ෂිත ඒකකය පවසනවා.

එහි ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ පළවන වාර්තා සමග ශ‍්‍රී ලංකාව තුළට ගෙන්වන සියලූ සහල් වර්ග පරීක්ෂාවකින් තොරව වෙළදපොළට නිකුත් නොකිරීමට මේ වන විටත් රජයෙන් උපදෙස් ලැබී ඇති බවයි.

Top Ads
New Posts Coming Soon
View All Ads
Urgent Ads
New Posts Coming Soon
View All Ads
Popular Ads
New Posts Coming Soon
View All Ads
Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required