/
/
title icon විදුලි බිලට විරෝධය පළ කර ජාතික භික්ෂු පෙරමුණ පෙත්සමකට අත්සන් ගනී.
විදුලි බිලට විරෝධය පළ කර ජාතික භික්ෂු පෙරමුණ පෙත්සමකට අත්සන් ගනී.
Editor
1 year ago
Share:
විදුලි බිලට විරෝධය පළ කර ජාතික භික්ෂු පෙරමුණ පෙත්සමකට අත්සන් ගනී.

විහාර දේවාල ගම් වලින් ලැබෙන මුදල් විහාරස්ථානවල විදුලි බිල ගෙවාදැමීම සඳහා වැඩපිලිවෙළක් සකසන ලෙස ශ‍්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ මහා ලේඛකාධිකාරි මහාචාර්ය පූජ්‍ය පල්ලේකන්දේ රතනසාර හිමියන් රජයෙන් ඉල්ලීමක් කරනවා.

මේ අතර, ඉහළ ගිය විදුලි බිලට විරෝධය පලකරමින් ජාතික භික්ෂු පෙරමුණ අද මහජන පෙත්සමකට අත්සන් ලබාගැනීම ආරම්භ කළේ පිටකොටුව බෝධින් වහන්සේ අසලින්.

ඉහළ ගිය විදුලි බිල හේතුවෙන් ජනතාව මෙන්ම භික්ෂුන් වහන්සේලාද දැඩි අසීරුතාවයට පත්ව තිබෙනවා.

එවන් පසුබිමක එළැඹෙන පොහොය දිනයේදි විහාරස්ථාන වල විදුලි පහන් නිවාදමා විරෝධය දක්වන ලෙසට මධ්‍යම පලාත් සංඝ සභාවේදි යෝජනාවක් සම්මත වි තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required