/
/
title icon IMF සාකච්ඡා සඳහා ශ්‍රී ලංකා නියෝජිත පිරිසක් ලබන මාසයේ ඇමරිකාවට.
IMF සාකච්ඡා සඳහා ශ්‍රී ලංකා නියෝජිත පිරිසක් ලබන මාසයේ ඇමරිකාවට.
Editor
1 year ago
Share:
IMF සාකච්ඡා සඳහා ශ්‍රී ලංකා නියෝජිත පිරිසක් ලබන මාසයේ ඇමරිකාවට.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජිත ණය පහසුකම් පිළිබඳව එහි නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීම සඳහා මෙරට නියෝජිතයින් පිරිසක් ඇමරිකාව බලා පිටත්ව යෑමට නියමිතයි.

ඔවුන් ලබන මස 06 වනදා ඇමරිකාවේ වොෂිංටන් නුවර බලා පිටත්ව යන අතර, ඉදිරි සාකච්ඡා එහිදී සිදු කෙරෙනවා.

මහ බැංකු අධිපතිවරයා ඇතුළු රජයේ නියෝජිත පිරිස මෙම සාකච්ඡා සඳහා එක්වනු ඇති.

විදේශ සංචිත අඩුවීම ඇතුළු ආර්ථික අභියෝග රැසකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාව ඇමරිකානු ඩොලර් බිලියන 2.9 ක දීර්ඝ ණය පහසුකමක් සඳහා කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට මේ වනවිටත් පැමිණ අවසන්.

වසර 04 ක කාලයක් තුළ වාරික අටකින් මෙම මුදල ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මේ වසරේ අප්‍රේල් 12 වනදා සිට තාවකාලිකව අත්හිටුවා ඇති විදේශ ණය ගෙවීමට අදාළ ප‍්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනේ ගිවිසුම් සහ ප‍්‍රගතියද මෙම හමුවේදී සාකච්ඡා කිරීමට නියමිතයි. ඒ අනුව ණය ප‍්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනේ ප‍්‍රගතිය හෙට ඉදිරිපත් කිරීමටයි මුදල් අමාත්‍යාංශය සැලසුම් කර ඇත්තේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required