/
/
title icon අතුරුදන්ව සිටි පේරාදෙණිය සරසවි සිසුවාගේ සිරුර මහවැලි ගඟේ.
අතුරුදන්ව සිටි පේරාදෙණිය සරසවි සිසුවාගේ සිරුර මහවැලි ගඟේ.
Editor
1 year ago
Share:
අතුරුදන්ව සිටි පේරාදෙණිය සරසවි සිසුවාගේ සිරුර මහවැලි ගඟේ.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත‍්‍ර පීඨයේ සිව්වන වසරේ ඉගෙනුම ලබමින් සිටියදී අතුරුදන් වූ සිසුවාගේ මළ සිරුර ඊයේ පස්වරුවේ මහවැලි ගෙඟ් හක්කිඳ දූපත ආසන්නයේ තිබී සොයාගෙන තිබෙනවා.

පැණිදෙණිය ප‍්‍රදේශයේ පිහිටි නවාතැන්පොළින් පිටවීමට පෙර සිසුවා විසින් ලියා තිබූ ලිපියක් හමුවූ අතර තමන් මහවැලි ගඟට යන බව ඔහු එහි සඳහන් කර තිබිම නිසා පොලිසිය හා විශ්වවිද්‍යාල සිසුන් දින ගණනාවක් තිස්සේ මහවැනි ගඟ දෙපස පරික්ෂාවට ලක් කරනු ලැබුවා.

ඔහුගේ මුදල් පසුම්බිය, ජංගම දුරකතනය, ලැප්ටොප් පරිගණකය හා ඇස් කණ්ණාඩි යුගල ඔහු නවාතැන් ගෙන සිටි පැණිදෙණිය ප‍්‍රදේශයේ පිහිටි නවාතැන්පළේ තිබියදී සොයාගැනීම නිසා මොහු සියදිවි නසා ගන්නට ඇතැයි සැකයක් පවතින බවයි පොලිසිය සඳහන් කළේ.

සිසුවාගේ මළ සිරුර දින ගණනාවක් ජලයේ තිබීම නිසා ඉදිමී බෙහෙවින් නරක් වී ඇති අතර එය හඳුනා ගැනීමට නොහැකි තත්ත්වයේ තිබූ බවත් වාර්තා වනවා.

කෙසේ වෙතත්, විශ්වවිද්‍යාලය විසින් නිකුත් කළ නිල් පැහැති ටී ෂර්ට් එකක් හා දුඹුරු පැහැති කලිසමක් ඇඳ තිබූ පුද්ගල මළ සිරුරක් නිසා එය අදාළ සිසුවාගේ වන්නට ඇතැයි සැක කළ බවයි පොලිසිය කියා සිටියේ.

පසුව එම සිසුවාගේ දෙමව්පියන් පැමිණ මළ සිරුර හඳුනාගෙන තිබෙනවා.

විශ්විද්‍යාලයේ ශාස්ත‍්‍ර පිඨයේ මනෝවිද්‍යා දෙපාර්තමේන්තුවේ මනෝවේදී විශේෂ උපාධියක් හදාරමින් සිටියදී අංජන කුලතුංග නමැති 23 හැවිරිදි මෙම සිසුවා අතුරුදන් වූ බව පවසමින් දෙමාපියන් විසින් පසුගිය 16 වනදා පොලිසියට පැමිණිලි කර තිබුණා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required