large ad banner
/
/
title icon ඩුබායි රාජ්‍යයේ සිරකළ කාන්තාවන් 85 දෙනා රට යැවූ වංචනිකයන්ට වැඩ වරදී.
ඩුබායි රාජ්‍යයේ සිරකළ කාන්තාවන් 85 දෙනා රට යැවූ වංචනිකයන්ට වැඩ වරදී.
Editor
1 year ago
Share:
ඩුබායි රාජ්‍යයේ සිරකළ කාන්තාවන් 85 දෙනා රට යැවූ වංචනිකයන්ට වැඩ වරදී.

ශ්‍රී ලාංකික කාන්තාවන් 85 දෙනෙකු ඩුබායි හි රැඳවුම් කඳවුරක කාමරයක් තුළ සිරව ඇතැයි බව කියන සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් ක‍්‍රියාමාර්ගයක් ගන්නා බව ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

මේ පිළිබඳව අනාවරණ වුණේ එලෙස සිර කරගෙන සිටි කාන්තාවක් මෙරටට පැමිණීමෙන් පසුව ඒ සම්බන්ධයෙන් හෙළිකිරීමත් සමඟයි.

මේ අතර, දඹුල්ල ප‍්‍රදේශයේ පිහිටි පෞද්ගලික විදේශ රැකියා ආයතනය මගින්ම ඩුබායි රාජ්‍යය වෙත යැවූ කාන්තාවකගේ සහෝදරියක වන දුලිකා ප‍්‍රියන්තිද සඳහන් කළේ මේ වනවිට තම සහෝදරියද ඩුබායි හි පීඩාවට පත්ව සිටින බවයි.

සංචාරක වීසා මඟින් කාන්තාවන් ඩුබායි රාජ්‍යයේ රැකියා සඳහා පිටත් කර යැවූ වංචාකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශනයක් ආරම්භ කළ බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර අද පස්වරුවේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

විදේශ රැකියාවක් සඳහා යාමට කිසියම් පුද්ගලයෙකුට හෝ ආයතනයකට විදේශ ගමන් බලපත‍්‍රය හෝ මුදල් ලබාදීමට පෙර එම ආයතනය කාර්යාංශයේ නීත්‍යානුකූල බලපත‍්‍රයක් හිමි ආයතනයක්ද සහ වලංගු රැකියා ඇණවුමක් ලැබී තිබේ ද යන්න සොයා බලන ලෙසද විදේශ සේවා නියුක්ති කාර්යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

Top Ads
New Posts Coming Soon
View All Ads
Urgent Ads
New Posts Coming Soon
View All Ads
Popular Ads
New Posts Coming Soon
View All Ads
Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required