large ad banner
/
/
title icon “කටාර් එයාර්වේස්” ලොව හොඳම ගුවන් සේවය බවට පත් වෙයි.
“කටාර් එයාර්වේස්” ලොව හොඳම ගුවන් සේවය බවට පත් වෙයි.
Editor
1 year ago
Share:
“කටාර් එයාර්වේස්” ලොව හොඳම ගුවන් සේවය බවට පත් වෙයි.

කටාර් එයාර්වේස් ලොව හොඳම ගුවන් සේවාව ලෙස මෙවර තේරී පත්ව තිබෙනවා.

එක්සත් ජනපදයේ ස්කයිට‍්‍රැක්ස් ආයතනය විසින් කරන ලද සමීක්ෂණයකට අනුව එහි දෙවන ස්ථානයට පත්ව ඇත්තේ සිංගප්පූරු ගුවන් සේවයයි.

1999 වසරේ සිට පැවැත්වෙන මෙම සමීක්ෂණයට අනුව කටාර් ගුවන් සේවය හත් වරක් එහි ප‍්‍රථම ස්ථානය දිනාගෙන තිබෙනවා.

ගුවන් සේවාවක් පවත්වාගෙන යාමේදී, සියලූම අංශයන්ගෙන් පෙන්නුම් කරන කාර්යක්ෂමතාව, සේවකයින්ගේ ප‍්‍රියමනාප ක‍්‍රියාකලාපය, නවීන ගුවන් යානා භාවිතය, සුරක්ෂිතභාවය, ඉස්තරම් නඩත්තුව, ආහාරපානවල අනර්ඝත්වය සහ පිරිසිදුභාවය ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් මෙම සමීක්ෂණයේදී අවධානය යොමු කර තිබුණා.

2021 වසරේ සැප්තැම්බර් සිට මෙම වසරේ අගෝස්තු දක්වා කාලය තුළ රටවල් 100 කට වැඩි සංඛ්‍යාවක පාරිභෝගිකයින් මිලියන 14 කට අධික පිරිසක් සම්බන්ධ කරගනිමිනුයි මෙම සමීක්ෂණය සිදුකර ඇත්තේ.

ලොව පිරිසිදුම ගුවන් සේවය ලෙස ජපානයේ ඒ එන් ඒ හෙවත්  ඕල් නිපොන් ගුවන් සේවය එහිදී තේරී පත්ව තිබෙනවා.

තුන්වන ස්ථානය දිනාගත් එමිරේට්ස් ගුවන් සේවය, හොඳම ව්‍යාපාරික පන්තියට හිමි ස්ථානයද හිමිකරගෙන තිබෙනවා.

Top Ads
New Posts Coming Soon
View All Ads
Urgent Ads
New Posts Coming Soon
View All Ads
Popular Ads
New Posts Coming Soon
View All Ads
Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required