/
/
title icon උපයෝගීතා කොමිසමේ සභාපතිට නීතිමය පියවර ගන්නා බව ඇමති කංචන කියයි.
උපයෝගීතා කොමිසමේ සභාපතිට නීතිමය පියවර ගන්නා බව ඇමති කංචන කියයි.
Editor
1 year ago
Share:
උපයෝගීතා කොමිසමේ සභාපතිට නීතිමය පියවර ගන්නා බව ඇමති කංචන කියයි.

මෙරටට ගෙන්වා ඇති බොරතෙල් වල ප‍්‍රමිතිය සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක සිදුකළ ප‍්‍රකාශයට එරෙහිව නීතිමය පියවර ගන්නා බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප‍්‍රකාශ කළා.

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක පසුගියදා පෞද්ගලික රූපවාහිණියක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ බොරතෙල්වල ප‍්‍රමිතිය සම්බන්ධයෙන් ගැටළු පවතින බවයි.

මේ අතර, හෙට සහ අනිද්දා යන දිනවලද පැය 02 යි විනාඩි 20 ක කාලයක් විදුලිය කප්පාදුව කරන බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළා. ඒ අනුව දහවල් කාලයේ පැයකුත්, රාත‍්‍රී කාලයේදී පැයයි විනාඩි 20 කුත් විදුලි කප්පාදුව සිදුවනු ඇති.

මේ අතර, ට්ව්ටර් පණිවුඩයක් නිකුත් කරමින් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කළේ ලක්ෂපාන බලාගාරය බිඳවැටීම, ඞීසල්, දැවි තෙල් සහ ජල කළමනාකරණය සඳහා ප‍්‍රමාණවත් අරමුදල් නොමැතිකම හේතුවෙන් විදුළි කප්පාදුව දිර්ඝ කිරීමට විදුලිබල මණ්ඩලය ඉල්ලීම් කළ බවයි.

එසේම ඛණිජ තෙල් සංස්ථාව සතුව අවශ්‍ය තරම් පෙට‍්‍රල් සහ ඞීසල් පවතින බවද අමාත්‍යවරයා කියා සිටියා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required

logo