![ඇල්ල රක්ෂිතයට ගිනි තැබූ සිසුන්ට යළි පැළ සිටුවන්නැයි නියෝග.](https://www.sannasa.lk/images/adsAndBanners/450x460-DefaultImage.png)
ඇල්ල කඳුවැටියට ගිනි තබා අනර්ථයක් සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාසල් සිසුන් 16 දෙනාට ඇල්ල ප‍්‍රදේශයේ තෝරාගත් ස්ථානයක එක් අයෙකුට පැළ 10 බැගින් රෝපණය කරන ලෙස බණ්ඩාරවෙල මහේස්ත‍්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
අදාළ පැළ සිටුවීම ඇල්ල පොලිස් ස්ථානයේ අධීක්ෂණය යටතේ සිදුකළ යුතු බවටයි මහේස්ත‍්‍රාත්වරයා දැනුම්දී ඇත්තේ.
ඇල්ල කඳුවැටියට ගිනි තැබීමේ සිද්ධියට අදාළ සිසුන් අත්අඩංගුවට ගෙන තිබුණේ පෙරේදා දිනයේයි.
ඔවුන් දහසය වන වියේ පසුවන බදුල්ල සහ පස්සර ප‍්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, උපන් දින සාදයක් පැවැත්වීම සඳහායි ඔවුන් මෙම කඳුවැටියට ගොස් තිබුණේ.
පසුව මොවුන් කඳුවැටියට ගිනි තබා අනර්ථයක් සිදුකිරීම සම්බන්ධයෙන් ප‍්‍රදේශවාසීන් රඳවා තබාගෙන ඇල්ල පොලිසිය වෙත භාරදෙනු ලැබුවා.
පොලිසිය මොවුන් ඊයේ බණ්ඩාරවෙල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එක් අයෙකුට රුපියල් ලක්ෂය බැගින් ශරීර ඇප මත මුදාහරිනු ලැබුවේ එක් අයෙකුට පැළ 10 බැගින් රෝපණය කිරීමට නියෝග කිරීමෙන් පසුවයි.