large ad banner
/
/
title icon ජනපති රනිල් ජපානයේ – ණය ප‍්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා ඇරඹේ.
ජනපති රනිල් ජපානයේ – ණය ප‍්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා ඇරඹේ.
Editor
1 year ago
Share:
ජනපති රනිල් ජපානයේ – ණය ප‍්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා ඇරඹේ.

නිල සංචාරයක් සඳහා ජපානයට ගොස් සිටින ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ ජපාන විදේශ අමාත්‍ය යොෂිමාෂා හයාෂි සහ සිංගප්පුරු අග‍්‍රාමාත්‍ය ලී සෙන් ලූ හමුවී තිබෙනවා.

ජපාන නිල සංචාරයක් සඳහා ඊයේ අළුයම දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ පස්වරුවේ ටෝකියෝ නුවරට ලඟා වුණා.

මේ අතර, පසුගියදා ඝාතනයට ලක් වූ ජපාන හිටපු අග‍්‍රාමාත්‍ය ෂින්සෝ අබේගේ පූර්ණ රාජ්‍ය අවමංගල්‍ය උත්සවය අද පැවැත්වෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එය 1967 වසරෙන් පසු ජපානයේ පැවැත්වෙන පළමු රාජ්‍ය අවමංගල්‍ය උත්සවය මෙය බවයි.

මෙම අවස්ථාවට ඇමරිකානු උප ජනාධිපතිණි කමලා හැරිස්, ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ඕස්ට්‍රේලියානු අග‍්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනිස් ඇතුළු රාජ්‍ය නායකයින් රැසක් එක්වීමට නියමිතයි.

මේ අතර, චීනය සමග ද්විපාර්ශ්වික ණය ප‍්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා මේ වනවිට ආරම්භ කර ඇති බව ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ පවසනවා.

ජපානය බලා පිටත් වීමට පෙර වෙබ් අඩවියක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ එම කටයුතු ඉහළ තලයකට ගෙන ඒම නුදුරේදීම සිදුවනු ඇති බවයි.

Top Ads
New Posts Coming Soon
View All Ads
Urgent Ads
New Posts Coming Soon
View All Ads
Popular Ads
New Posts Coming Soon
View All Ads
Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required