/
/
title icon සති අන්තයේ මහනුවරට අලුතින් විශේෂ දුම්රිය සේවාවක්.
සති අන්තයේ මහනුවරට අලුතින් විශේෂ දුම්රිය සේවාවක්.
Editor
2 years ago
Share:
සති අන්තයේ මහනුවරට අලුතින් විශේෂ දුම්රිය සේවාවක්.

හෙට සිට සෑම සති අන්තයකම ධාවනය කෙරෙන පරිදි කොළඹ – කොටුවේ සිට මහනුවර දක්වා විශේෂ සුඛෝපභෝගී සිඝ‍්‍රගාමී දුම්රිය සේවාවක් ආරම්භ කරන බව ප‍්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.

කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉදිරි සැලසුම් සහ නව දුම්රිය ගමන්වාර පිළිබඳවද අදහස් පළ කරනු ලැබුවා.

මේ අතර, ඉදිරියේදී කොළඹ – කොටුවේ සිට අනුරාධපුරය දක්වා විශේෂ සුඛෝපභෝගී සංචාරක දුම්රිය සේවයක් ආරම්භ කිරීමට ප‍්‍රවාහන අමාත්‍යාංශය සැලසුම් කර තිබෙනවා.

මගී ජනතාවගේ ඉල්ලීම් සලකා බලමින් සංචාරක ආකර්ශනයක් සහිත අනුරාධපුරයට මෙලෙස සුඛෝපභෝගී දුම්රිය සේවාවක් යෙදවීමට තීරණය කළ බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required