/
/
title icon ලෝක බැංකු ප‍්‍රධානියා ශ්‍රී ලංකාවේ ණය ගැන කථා කරයි.
ලෝක බැංකු ප‍්‍රධානියා ශ්‍රී ලංකාවේ ණය ගැන කථා කරයි.
Editor
1 year ago
Share:
ලෝක බැංකු ප‍්‍රධානියා ශ්‍රී ලංකාවේ ණය ගැන කථා කරයි.

ශ‍්‍රී ලංකාව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ණය ප‍්‍රතිව්‍යූහගතකරණ සැලැස්මකට කඩිනමින්, පිවිසිය යුතු බව ලෝක බැංකුවේ ප‍්‍රධානී ඩේවිඩ් මැල්පාස් පවසනවා.

මේ වනවිටත් දැඩි ආර්ථික අර්බුදයකට ශ‍්‍රී ලංකාව මුහුණදී සිටින අතර, ණය ප‍්‍රතිව්‍යූහගතකරණ සැලැස්මට අවතීරණ වීමට කාලය ගත කිරීමෙන් තවදුරටත් ආර්ථිකය කඩා වැටීමකට ලක්විය හැකි බවයි ඔහු අනතුරු අඟවා ඇත්තේ.

ඇමෙරිකාවේ ස්ටැන්ෆර්ඞ් විශ්වවිද්‍යාලයේ පැවති උත්සවයකදී, ලෝක බැංකුවේ ප‍්‍රධානී ඩේවිඩ් මැල්පාස් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මේ හේතුවෙන් ශ‍්‍රී ලංකාව කඩිනමින් ණය ප‍්‍රතිව්‍යූහගතකරණ සැලැස්මට පිවිසිය යුතු බවයි.

ක‍්‍රමවත් ප‍්‍රතිපත්තියකට එළඹීමට නොහැකි නම් කිසිදු මූල්‍ය සහනයක් ශ‍්‍රී ලංකාවට ලබා නොදෙන බව ද මීට පෙර ලෝක බැංකුව ප‍්‍රකාශ කර තිබුණා.

මේ අතර, ශ‍්‍රී ලංකාව මුහුණදී ඇති ණය අර්බුදය හමුවේ තම කාර්ය භාරය ඉටු කිරීමට ජපානය සුදානම් බව එරට මුදල් අමාත්‍ය ෂුනිචි සුසුකි ප‍්‍රකාශ කර තිබෙනවා.

ඒ පිලිපීනයේ මැනිලා අගනුවරදී ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ සමග ඊයේ පැවති සාකච්ඡාවකදීයි.

එහිදී ජපාන මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කර ඇත්තේ ශ‍්‍රී ලංකාවේ ණය ගැටලූව සම්බන්ධයෙන් චීනය හා ඉන්දියාව වැනි අනෙකුත් ණය හිමියන් ද එය විසඳීමට කටයුතු කළ යුතු බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required