/
/
title icon තවත් ගල් අඟුරු නැවකට අත්තිකාරම් ගෙවයි – පෙට්රල් නැවක් ගොඩබෑමත් ඇරඹේ.
තවත් ගල් අඟුරු නැවකට අත්තිකාරම් ගෙවයි – පෙට්රල් නැවක් ගොඩබෑමත් ඇරඹේ.
Editor
1 year ago
Share:
තවත් ගල් අඟුරු නැවකට අත්තිකාරම් ගෙවයි – පෙට්රල් නැවක් ගොඩබෑමත් ඇරඹේ.

දෙවන වන ගල් අඟු‍රු නෞකාවට අත්තිකාරම් මුදල් ගෙවීම ඊයේ අවසන් කළ බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා සඳහන් කළේ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්රල් මෙට්‍රික් ටොන් 35,00 0ක් සඳහා මුදල් ගෙවා ඇති බවත්, ඒවා ගොඩබෑමේ කටයුතු ද ආරම්භ කර ඇති බවයි.

මේ අතර, ත‍්‍රිරෝද රථ සදහා ලබා දෙන ඉන්ධන කෝටාව ලීටර් 15 ක් දක්වා ඉහළ දමන ලෙස කළ ඉල්ලීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයාගෙන් සුබවාදි ප‍්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව සමස්ත ලංකා ත‍්‍රිරෝද රථ සංගමය අවධාරණය කරනවා.

එම සංගමයේ සභාපති සුදිල් ජයරුක් කියා සිටියේ ලබා දෙන ඉන්ධන කෝටාව වැඩිකළහොත් ඉහළ දමන ලද ත‍්‍රීවිල් ගාස්තුද අඩු කිරීමට හැකි වනු ඇති බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required

logo