large ad banner
/
/
title icon අට වසරකදී ජනපති කොමිෂන් සභාවල වැය රුපියල් මිලියන 504 ක්.
අට වසරකදී ජනපති කොමිෂන් සභාවල වැය රුපියල් මිලියන 504 ක්.
Editor
1 year ago
Share:
අට වසරකදී ජනපති කොමිෂන් සභාවල වැය රුපියල් මිලියන 504 ක්.

වසර අටක් තුළ පත් කළ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වෙනුවෙන් රජයේ මුදල් රුපියල් මිලියන 504 ක් වැයවී ඇති බව නවතම වාර්තාවකින් අනාවරණ වී තිබෙනවා.

සති අන්ත ජාතික පුවත්පත් වාර්තා කර තිබුණේ මින් වැඩිම මුදලක් 2020 වසරේ පිහිටවූ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාව වෙනුවෙන් වැයවී ඇති බවයි. එම මුදල මිලියන 120 ක්.

2015 වසරේ සිට 2019 දක්වා ගතවූ කාලසීමාව තුළ මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් විශේෂ ජනාධිපති පරීක්ෂන කොමිසන් සභා පහක් පිහිටවනු ලැබුවා.

මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳ කොමිසම, පාස්කු ප‍්‍රහාරය පිළිබඳ සොයාබැලීමේ කොමිසම, ඊට පෙර රජයේ බරපතල වංචා දූෂණ සෙවීමේ කොමිසම, යහපාලන රජයේ වංචා හා දූෂණ සෙවීමට පත් කළ කොමිසම සහ ශ‍්‍රී ලංකන් එයාර්ලයින් ගණුදෙනුව පිළිබඳ සොයාබැලීමේ කොමිසම ඒ අතර වනවා.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් 2020 – 2021 කාලසීමාව තුළ ජනාධිපති පරීක්ෂණ කොමිසම් සභා පහක් පිහිටුවා තිබෙනවා.

ඊ.ටී.අයි. ගනුදෙනුව පිළිබඳ සෙවීමේ කොමිසම, මෙතෙක් පැවති ජනාධිපති කොමිසන් සභාවල කාර්යභාරය පිළිබද සොයාබැලීමේ කොමිසම, අන්තර්ජාතික සහයෝගීතාව පිළිබඳව ජනාධිපති කොමිසන් සභාව සහ රේගු ගණුදෙනු පිළිබඳ සෙවීමේ කොමිසම ඒ අතර වනවා.

Top Ads
New Posts Coming Soon
View All Ads
Urgent Ads
New Posts Coming Soon
View All Ads
Popular Ads
New Posts Coming Soon
View All Ads
Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required