 
                            ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා දී තිබූ සියයට 15 ක විශේෂ පොලී අනුපාතික අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.
මහ බැංකුව ලිපියක් මගින් බැංකු සහ මූල්‍ය ආයතන වෙත දැනුම්දී ඇත්තේ ඊයේ සිට මෙම නියෝගය බලපැවැත්වෙන බවයි.
සැප්තැම්බර් 22 වනදා කැබිනට් මණ්ඩලය විසින් ගත් තීරණයක් අනුව පසුගිය 29 වනදා මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා විසින් මෙම දැනුම්දීම සිදුකර ඇති බවද සඳහන්.
ඒ අනුව ඔක්තෝබර් 01 වැනිදා සිට ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙත විශේෂ පොලී අනුපාතිකයක් සහිතව ස්ථාවර තැන්පතු අළුතින් විවෘත කිරීම හෝ දැනට පවතින ස්ථාවර තැන්පතු අළුත් කිරීමක් සිදුනොකරන ලෙසටයි මහබැංකුව විසින් සියලූ වාණිජ බැංකු සහ බලපත‍්‍රලාභි විශේෂිත බැංකු වෙත දන්වා ඇත්තේ.
 
                         
             
             
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                