/
/
title icon නොරොච්චෝලේ ඉතිරි ජනන යන්ත‍්‍රයත් සති දෙකකින් පද්ධතියට.
නොරොච්චෝලේ ඉතිරි ජනන යන්ත‍්‍රයත් සති දෙකකින් පද්ධතියට.
Editor
2 years ago
Share:
නොරොච්චෝලේ ඉතිරි ජනන යන්ත‍්‍රයත්  සති දෙකකින් පද්ධතියට.

නඩත්තු කටයුතු සිදු කෙරෙන නොරොච්චෝලේ ලක් විජය ගල් අඟුරු බලාගාරයේ දෙවන ජනන යන්ත‍්‍රය මේ මස මැද භාගය වනවිට යළිත් පද්ධතියට එක් කිරීමට හැකියාව පවතින බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ට්වීටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

පසුගිය ජුනි මාසයේදී දෙවන ජනන යන්ත‍්‍රය අළුත්වැඩියා කටයුත්තක් සඳහා මෙලෙස ක්‍රියා විරහිත කළ අතර, ඒ හේතුවෙන් මෙගාවොට් 300 ක ධාරිතාවක් ජාතික පද්ධතියට අහිමි වුණා.

එසේම, පසුගිය මස 26 වැනිදා බොයිලේරුවට ජලය සපයන නල පද්ධතියක ඇති වූ හදිසි දෝෂයක් හේතුවෙන් ක්‍රියා විරහිත වූ නොරොච්චෝලේ බලාගාරයේ තුන්වන ජනන යන්ත‍්‍රය ඊයේ ජාතික පද්ධතියට එක් කෙරුණා.

මේ වනවිට එම ජනන යන්ත‍්‍රය පූර්ණ ධාරිතාවයෙන් පද්ධතියට එක් කර ඇති අතර එමගින් මෙගාවොට් 300 ක ධාරිතාවක් ජනනය කෙරෙන බවයි විදුලිබල මණ්ඩලය ප‍්‍රකාශ කළේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required