/
/
title icon දංඕවිට වෙඩි තැබීමකට මැදිව කාන්තාවක් මරුට.
දංඕවිට වෙඩි තැබීමකට මැදිව කාන්තාවක් මරුට.
Editor
2 years ago
Share:
දංඕවිට වෙඩි තැබීමකට මැදිව කාන්තාවක් මරුට.

මගී කාන්තාවකට මරු කැඳවමින් දංඕවිට සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණ වී තිබෙනවා.

වැඩිදුර පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ වෙඩි තැබීම සිදුවූ ස්ථානයේ පිහිටි මත්පැන් අලෙවිසැල කොල්ලකෑමට පැමිණි කොල්ලකරුවන් ඊට පෙර තවත් කොල්ලකෑමක් සිදුකර ඇති බවයි.

ගම්පහ – දංඕවිට ප‍්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් 29 හැවිරිදි කාන්තාවක් ජීවිතක්ෂයට පත්වුණා.

දංඕවිට මත්පැන් අලෙවිසැළකට ඊයේ රාත‍්‍රියේ මෝටර් රථයකින් පැමිණි පිරිසක් උත්සහ කර තිබුණේ එම අලෙවිසැල කොල්ලකා පළා යෑමටයි.

එහිදී ලද තොරතුරකට අනුව දංඕවිට පොලිසියේ නිලධාරීන් පිරිසක් එම ස්ථානයට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී පළා යෑමට උත්සාහ කළ කොල්ලකරුවන් සහ පොලිසිය අතර වෙඩි හුවමාරුවක් සිදුව තිබෙනවා.

එම අවස්ථාවේ ඒ අසළින් ධාවනය වූ බස් රථයකට ද වෙඩි ප‍්‍රහාරයක් එල්ල වී ඇති අතර, එහි ගමන් ගත් කාන්තාවකුයි මෙලෙස මියගොස් ඇත්තේ.

වෙඩි වැදුණු කොල්ලකරුවන් දෙදෙනෙකුද රාගම රෝහලේ ප‍්‍රතිකාර ලබන බව උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required