/
/
title icon ආනයනික සහල්වල බැර ලෝහ නොමැති බව හෙළි වේ.
ආනයනික සහල්වල බැර ලෝහ නොමැති බව හෙළි වේ.
Editor
1 year ago
Share:
ආනයනික සහල්වල බැර ලෝහ නොමැති බව හෙළි වේ.

මෙරටට ආනයනය කරන ලද සහල්වල බැරලෝහ අඩංගු නොවන බව සාම්පල් පරික්ෂාවේදී තහවුරු වී තිබෙනවා.

ආනයනික සහල් තොගවලින් ලබාගත් සාම්පල 275 ක් පරික්ෂාවට ලක්කිරීමෙන් අනතුරුව ඒ බව තහවුරු කර ගත් බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ.

වරායේ තිබූ බහාළුම්වලින් සහ වරායෙන් නිදහස් කර තිබූ ආනයනික සහල් තොගවලින් මෙම සාම්පල ලබාගෙන තිබුණා.

ආනයනික සහල් වල බැරලෝහ ඇති බවට පසුගියදා දැඩි කතාබහක් ඇති වූ අතර කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරද ඒ පිළිබඳ ආන්දෝලනාත්මක ප‍්‍රකාශයක් සිදු කළා.

මෙම තත්වය හමුවේ සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර ආරක්ෂණ ඒකකය මඟින් ආනයනික සහල්වල බැරලෝහ අඩංගු දැයි පරීක්ෂා කිරීම සඳහා ලබාගත් සාම්පල ජාත්‍යන්තර වශයෙන් පිළිගත් මෙරට පෞද්ගලික රසායනාගාරයක් වෙත යොමුකර තිබුණා.

ඒ අනුව එහි වාර්තා පසුගිය සතියේ සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර ආරක්ෂණ ඒකකය වෙත ලැබී ඇති අතර ඉන් හෙළිවී ඇත්තේ මෙරටට ගෙන්වූ සහල්වල බැරලෝහ අඩංගු නොවන බවටයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required

logo