large ad banner
/
/
title icon ආයෝජන මණ්ඩලයට චෝදනා.
ආයෝජන මණ්ඩලයට චෝදනා.
Editor
1 year ago
Share:
ආයෝජන මණ්ඩලයට චෝදනා.

ආයෝජන මණ්ඩලය නිසි විශ්ලේෂණයක් ලබා නොදීම නිසා අද විවාදයට ගැනීමට නියමිත ක‍්‍රමෝපාය සංවර්ධන පනත යටතේ ගැසට් පත‍්‍රය පළකල නියමයන්ට අනුමැතිය ලබා නොදීමට රාජ්‍ය මුුදල් පිළිබඳ කාරක සභාව තීරණය කර තිබෙනවා. ඒ, ආචාර්ය හර්ෂ ද සිල්වාගේ සභාපතීත්වයෙන් යුත් එම කාරක සභාව ඊයේ රැස්වූ අවස්ථාවේදීයි.

මුදල් අමත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් පසුගිය අගෝස්තු මස 3 වනදා ගැසට් පත‍්‍රයේ පළකල නියමයන් පසුගිය මස 20 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.

මෙරට ආයෝජනය කරන සමාගමකට වසර 12ක බදු සහන දීම සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබූ මෙම නියමය හරහා මෙරට ආර්ථීකයට හිමිවන ප‍්‍රතිලාභ පිළිබඳව කාරක සභා සභාපතිවරයා ආයෝජන මණ්ඩලයේ සභාපති රාජා එදිරිසූරිය ඇතුළු නිලධාරීන්ගෙන් ප‍්‍රශ්න කර තිබෙනවා.

ඊට අදාළව ප‍්‍රමාණවත් තොරතුරු ලබා දීමට ඔවුන් අපොහොසත් වීම නිසා මේ මොහොතේ ඊට අනුමැතිය ලබා දිය නොහැකි බවයි කමිටු සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා දැනුම් දී ඇත්තේ.

අද දිනයේ සියළු දත්ත සහ විශ්ලේෂණයන් සහිතව කමිටුවට පැමිණෙන ලෙස දැනුම් දුන් කාරක සභා සභාපතිවරයා එම තොරතුරු ඉදිරිපත් කළ නොහැකි නම් අදාළ ගැසට් පත‍්‍රයට අනුමැතිය දිය නොහැකි බව ද අවාධාරණය කර තිබෙනවා.

Top Ads
New Posts Coming Soon
View All Ads
Urgent Ads
New Posts Coming Soon
View All Ads
Popular Ads
New Posts Coming Soon
View All Ads
Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required