large ad banner
/
/
title icon පේරාදෙණිය සරසවියේ තවත් සිසුවෙකු අතුරුදන්.
පේරාදෙණිය සරසවියේ තවත් සිසුවෙකු අතුරුදන්.
Editor
1 year ago
Share:
පේරාදෙණිය සරසවියේ තවත් සිසුවෙකු අතුරුදන්.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන තවත් සිසුවෙකු අතුරුදන්ව තිබෙනවා.

එම විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ තෙවන වසරේ ඉගෙනුම ලබන පුලස්ථි ප‍්‍රමුදිත් පෙරේරා නමැති සිසුවා පසුගිය දෙවනදා සිට මෙලෙස අතුරුදන්ව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

ඔහු විශ්වවිද්‍යාල නේවාසිකාගාරයේ සිට පෙරේදා රාත‍්‍රියේ ඉන් පිටතට පැමිණ ඇති බව අනාවරණ වී තිබෙනවා.

අතුරුදන්වූ සිසුවා කඩවත – ගනේමුල්ල ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මීට පෙර ද එම විශ්වවිද්‍යාලයේ තවත් සිසුවෙකු අතුරුදන්වූ අතර පසුව ඔහුගේ ඔහුගේ සිරුර මහවැලි ගඟේ තිබියදී සොයා ගැණුනා.

මේ අතර, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත‍්‍ර පීඨයේ නීති අංශයේ අධ්‍යාපනය හදාරන සිසු සිසුවියන්ට සිදුකරන පහරදීම හා බැණ වැදීම් නතර කරන බවට ශිෂ්‍ය සංගමයේ ලිඛිත පොරොන්දුවක් ලබාදෙන තුරු ශාස්ත‍්‍ර පීඨයේ ආචාර්යවරුන් තවදුරටත් රාජකාරී කටයුතු වලින් ඉවත් වී සිටිනවා.

පසුගිය මස 14 වනදා එහිදී විශ්වවිද්‍යාලයේ ගෙම්බා නමින් හඳුන්වන ආපනශාලාවේදී ශාස්ත‍්‍ර පීඨයේ අධාපනය ලබන නවකවදයට පක්ෂපාතී සිසුන් පිරිසක් විසින් නීති අධ්‍යයන අංශයේ සිසුන් පිරිසකට පහරදී තිබුණා.

පසුව ශාස්ත‍්‍ර පීඨ ශිෂ්‍ය සංගමය හා නීති අධ්‍යයන අංශයේ ශිෂ්‍ය කණ්ඩායම් සමඟ පීඨාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් සාකච්ඡාවක් ද පැවැත්වුණු අතර එම සාකච්ඡා අවසන් වී පැය දෙකක් ගතවන්නට මත්තෙන් පළමු පහරදීම සිදුවූ ආපනශාලාව තුලදීම නැවතත්, නීති අධ්‍යනංශයේ සිසුන්ට පහර දීමක් සිදුවුණා.

ඒ අනුව, මෙම පහර දීමට සම්බන්ධ ශ‍්‍රාස්ත‍්‍ර පීඨයේ සිසුන් තුන්දෙනෙකුගේ පන්ති සති දෙකකට තහනම් කිරීමටයි ශ‍්‍රාස්ත‍්‍ර පීඨයේ පීඨාධිපතිවරයා පියවර ගනු ලැබුවේ.

මෙවැනි පසුබිමක් තුල පේරාදෙණිය විශ්වවිද්‍යාලය ඉදිරිපිට පැවති සිසු උද්ඝෝෂණයක දී පරුෂ වචනයෙන් බැනවදිමින් සනාථන මන්දිරයේ රාජකාරී කටයුතු වලට බාධා කළ සිසුවෙකුගේ ශිෂ්‍ය භාවය තහනම් කර තිබෙනවා.

මෙලෙස ශිෂ්‍ය භාවය තහනම් කර ඇත්තේ සම සෞඛ්‍ය විද්‍යාපීඨයේ ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයාගේ වන අතර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ අවසන් වන තෙක් ඔහුට විශ්ව විද්‍යාල භූමියෙන් වහාම පිට වන ලෙසයි එහි පාලනාධිකාරිය දැනුම්දී ඇත්තේ.

Top Ads
New Posts Coming Soon
View All Ads
Urgent Ads
New Posts Coming Soon
View All Ads
Popular Ads
New Posts Coming Soon
View All Ads
Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required