ෆේස්බුක් හි සැරිසරන අතරතුර දුටු පෝස්ට්ටුවක් මුල් කරගෙන යමක් ලියන්නට සිතුවෙමි.
වර්තමානයේ කොවිඩ් -19 වලින් පසුව ලංකාවේ මතු වූ ආර්ථික , දේශපාලන ගැටලු හේතුවෙන් වැඩි වශයෙන්ම පීඩාවට ලක්ව සිටින්නේ රටේ සාමාන්‍ය ජනතාවයි. මේ අතරින්ද වර්තමාන ශ්‍රී ලාංකිකයන් මුහුණ දෙමින් සිටින්නේ ආර්ථික අර්බුදයටයි.
මේ ආර්ථික අර්බුදය හමුවේ දරුවන් මුහුණ පා සිටින්නේ කෙබදු තත්වයකටද යන්න සොයා බලන්නේ නම් පාසල් යන දරුවන් ආහාට නොමැතිව උදෑසන රැස්වීමේ ක්ලාන්ත වී ඇද වැටෙන සිදුවීම් මාධ්‍ය මගින් බහුල ලෙස අසන්නට , දකින්නට ලැබුණි. අද ලංකාවේ බොහොමයක් පවුල වල දෙම්ව්පියන් දරුවන්ට අවම පහසුකම් යටතේ හෝ කන්නට අදින්නට දෙන්නේ ඉතාම අසීරුවෙනි. එවන් පසුබිමක් යටතේ පාසලට යාමට පමණක් නොව අමතර පන්ති සදහා සහභාගී වීමටද සිසුන්ට විශාල මුදලක් වැය වේ.
පාසල් සිසුන්ට ඉතා සුළු මුදලකට මාසික වාර ප්‍රවේශ පත්‍රය ලබා ගෙන පාසල් පමණක් නොව අමතර පන්ති වලටද සහභාගී වීමට තිබූ අවස්ථාව ගිලිහී යාම නිසා ඉදිරියේදී අධ්‍යාපනය අතහැර දමන සිසුන් ප්‍රමාණය උග්‍ර වීමට මෙයද හේතුවක් වනු ඇත.
විශේෂයෙන් ලංකාවේ පවතින තරගකාරී අධ්‍යාපන රටාව සමග උසස් පෙළ හදාරන සිසුන්ට පාසල් යාමට වඩා සිදු වන්නේ ටියුෂන් වෙත යොමු වීමටයි . පෙර සීසන් කාඩ් පත මගින් බස් රථ වල ගමන් කළද දැන් ඔවුනට පන්ති ගාස්තුවට අමතරව විශාල මුදලක් බස් ගාස්තුවටද වෙන් කිරීමට සිදු වේ.
රටේ දරුවන් යනු අනාගතය භාර ගැනීමට සිටිනා ඊලග පරම්පරාව බැවින් ඔවුන් අධ්‍යාපනය ලබන කාලය තුළ අවම වශයෙන් ඔවුනට අවශ්‍ය මුලික පහසුකම් හෝ සැපයීම රටේ ඉහළ පුටුවල වැජඹෙන අයවලුන්ගේ වගකීමක් බව තරයේ කිව යුතුමය.
දිල්කි රත්නායකඉ