/
/
title icon ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 500 ක් – ජනපති විශේෂ ප‍්‍රකාශයක් කරමින් මැතිසබයට කියයි.
ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 500 ක් – ජනපති විශේෂ ප‍්‍රකාශයක් කරමින් මැතිසබයට කියයි.
Editor
1 year ago
Share:
ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 500 ක් – ජනපති විශේෂ ප‍්‍රකාශයක් කරමින් මැතිසබයට කියයි.

ජනාධිපති රනිල් වික‍්‍රමසිංහගේ විශේෂ ප‍්‍රකාශය මේ වනවිට පාර්ලිමේන්තුවේදී ආරම්භ කර තිබෙනවා.

ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ ඉන්දියාව, චීනය සහ ජපානය යන රටවල් සමඟ ණය ප‍්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන කඩිනමින් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවයි.

මේ වසරේ මෙරට ආර්ථිකය සියයට 07-08 ත් අතර අගයකින් හැකිළිය හැකි බවද ජනාධිපතිවරයා කියා සිටියා.

එසේම, ජනාධිපතිවරයා එහිදී තවදුරටත් කියා සිටියේ ආසියානු සංවර්ධන බැංකුව අමෙරිකානු ඩොලර් මිලියන 500 ක ණය පහසුකමක් ලබාදීමට කැමැත්ත පළ කර ඇති බවයි.

රටේ පවතින ආර්ථික අර්බුදයට විසඳුම් එක රැයකින් හෝ දින කිහිපයකින් විසඳුම් ලබාදිය නොහැකි බව පැවසූ ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ඒ සඳහා වන පියවරයෙන් පියවර ගමන් කළ යුතු බවයි. ඒ සඳහා වන ක්‍රියා මාර්ග මේ වනවිට ගෙන ඇති බවත්, ඒවායේ ප්‍රතිඵල දක්නට ලැබෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කළා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required