/
/
title icon ඉන්දියාවට සහ ලංකාවට බෙදන්න ගිය හෙරොයින් කිලෝ 200 ක් කේරලයේදී අල්ලයි.
ඉන්දියාවට සහ ලංකාවට බෙදන්න ගිය හෙරොයින් කිලෝ 200 ක් කේරලයේදී අල්ලයි.
Editor
1 year ago
Share:
ඉන්දියාවට සහ ලංකාවට බෙදන්න ගිය හෙරොයින් කිලෝ 200 ක් කේරලයේදී අල්ලයි.

ඉන්දියාවේ සහ ශ‍්‍රී ලංකාවේ අලෙවි කිරීමට සූදානම් කර තිබූ රුපියල් කෝටි 200 අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 200 ක් සමඟ හයදෙනෙකු කේරළයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ ඉන්දීය නාවික හමුදාව පෙරේදා එරට මුහුදු සීමාවේ සිදුකළ මෙහෙයුමකදී මෙම හෙරොයින් තොගය සහ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හයදෙනා ඉරාන ජාතිකයින් වන අතර, වැටලීම සිදුකරන අවස්ථාවේදී ඔවුන් එම හෙරොයින් තොගය මුහුදට දැමීමට උත්සහ කර තිබෙනවා.

ඇෆ්ගනිස්ථානයේ නිෂ්පාදිත මෙම හෙරොයින් පකිස්ථානය සිට ඉරාන යාත‍්‍රාවකින් ඉන්දියාවට රැගෙනවිත් ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required

logo