/
/
title icon ඇල්ලට පසු රජරටට යන ඔඩිසි අද සිට.
ඇල්ලට පසු රජරටට යන ඔඩිසි අද සිට.
Editor
1 year ago
Share:
ඇල්ලට පසු රජරටට යන ඔඩිසි අද සිට.

සංචාරකයින් සහ වන්දනාකරුවන් වෙනුවෙන් අනුරාධපුරය දක්වා ගමන් ගන්නා “රජරට ඔඩිසි” විශේෂ දුම්රිය අද සිට සෑම සෙනසුරාදා දිනකදීම ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබෙනවා.

එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වී.එස්. පොල්වත්ත කියා සිටියේ සෑම සෙනසුරාදා උදෑසන 9.20ට කොටුව දුම්රිය ස්ථානයෙන් එම දුම්රිය පිටත්වන අතර එය පසුදා එනම් ඉරිදා පස්වරු 5 ට යළි අනුරාධපුරයේ සිට කොළඹ බලා ධාවනය කෙරෙන බවයි.

මීට පෙර කොළඹ සිට බදුල්ල දක්වා ඇල්ල ඔඩිසි දුම්රියද ධාවනයට එක් කිරීමටයි දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගත්තේ.

රජරට ඔඩිසි දුම්රිය ගමන්වාර අංක 4081 ලෙස කොළඹ කොටුවෙන් පෙරවරු 04.30ට ගමන් ආරම්භ වන අතර අංක 4082 ලෙස අනුරාධපුරයෙන් පස්වරු 05.30ට ගමන් ආරම්භ වේ .

🔸 දුම්රිය කාලසටහන ;
🔛 අංක 4081 කොළඹ සිට අනුරාධපුරය දක්වා ;
🔹 කොළඹින් පෙරවරු 04.30
🔹 රාගම පෙරවරු 04.53
🔹 ගම්පහ පෙරවරු 05.06
🔹 වේයන්ගොඩ පෙරවරු 05.17
🔹 පොල්ගහවෙල පෙරවරු 05.55
🔹 කුරුණෑගල පෙරවරු 06.17
🔹 මවහ පෙරවරු 07.05
🔹 තඹුත්තේගම පෙරවරු 08.06
🔹 අනුරාධපුරය පෙරවරු 08.45

🔛 අංක 4082 අනුරාධපුරය සිට කොළඹ දක්වා ;
🔹 අනුරාධපුරය පස්වරු 05.30
🔹 තඹුත්තේගම පස්වරු 06.09
🔹 මහව පස්වරු 07.00
🔹 කුරුණෑගල පස්වරු 07.45
🔹 පොල්ගහවෙල පස්වරු 08.07
🔹 වේයන්ගොඩ පස්වරු 08.44
🔹 ගම්පහ පස්වරු 08.55
🔹 රාගම පස්වරු 09.08
🔹 මරදාන පස්වරු 09.32
🔹 කො.කොටුව පස්වරු 09.38

🔸 ධාවනය වන දිනයන් ;
🔹 සතිඅන්ත සෙනසුරාදා ඉරිදා
🔹 රජයේ විශේෂ නිවාඩු දිනයන් හීදී
🔹 පොහෝ දිනයන් හීදී

🔸 මැදිරි සැකැස්ම ;

🔹 ඉන්දියාවෙන් ආනයනය කරනු ලැබූ ICF පළමු පංතියේ වායු සමීකරණ මැදිරි 10ක් සමඟ ධාවනය වේ .

🔹ICF පළමු පංතියේ වායු සමීකරණ මැදිරියක ආසන ගණන ;
ICF ; AFC මැදිරියක ආසන 48 × 10 = 480

🔹 සම්පූර්ණ දුම්රිය සතුව ආසන 480 ක ධාරිතාවක් පවති .

🔸 ප්‍රවේශ පත්‍ර මිල ගණන් ;

🔹 කලින් ආසන වෙන් කළ යුතු අතර , ප්‍රවේශ පත්‍ර මිල ගණන් නගරාන්තර සීඝ්‍රගාමී ආසන වෙන් කිරීමේ ප්‍රවේශ පත්‍ර මිල ගණන් වේ.

කොළඹ සිට අනුරාධපුරය දක්වා – SLR 2400/=

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required

logo