/
/
title icon විදෙස් සංචිතයෙන් වියදම් කළ හැක්කේ මිලියන 300 යි – මහ බැංකු වාර්තාවකින් හෙලිවේ.
විදෙස් සංචිතයෙන් වියදම් කළ හැක්කේ මිලියන 300 යි – මහ බැංකු වාර්තාවකින් හෙලිවේ.
Editor
1 year ago
Share:
විදෙස් සංචිතයෙන් වියදම් කළ හැක්කේ මිලියන 300 යි – මහ බැංකු වාර්තාවකින් හෙලිවේ.

ශ‍්‍රී ලංකාවේ දළ විදෙස් නිල සංචිතයෙන් වියදම් කළ හැකි මුදල තවමත් ඩොලර් මිලියන 300 ක සීමාවේ පවතින බව මහ බැංකුව පවසනවා.

පසුගිය හයවනදා නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ මුළු විදෙස් සංචිත ප‍්‍රමාණය ඩොලර් බිලියන 1.7 ක් බවයි.

කෙසේ වෙතත් එම ප‍්‍රමාණයට චීනයෙන් ලද ඩොලර් බිලියන 1.4 ක විනිමය හුවමාරු පහසුකමද ඇතුළත්.

එය වියදම් කළ හැක්කේ කොන්දේසිවලට යටත්ව බවයි මහ බැංකුව පෙන්වා දෙන්නේ.

එමෙන්ම, මේ වසරේ අගෝස්තු මාසය අවසන් වනවිට දල නිල සංචිත හා බැංකු අංශයේ විදේශීය වත්කම්වලින් සමන්විත වන මුළු විදේශීය වත්කම් ප‍්‍රමාණය ඇමරිකන් ඩොලර් බිලියන 5.7 ක් බව මහ බැංකු වාර්තා සඳහන් කළා.

මේ අතර, අගෝස්තු මාසයේ විනිමය අනුපාතිකය සමස්තයක් ලෙස අඛන්ඩව ස්ථාවර මට්ටමක පැවති බව ද මහ බැංකු වාර්තා පවසනවා.

ඒ අනුව ඔක්තෝම්බර් මස 6 වනදා දක්වා කාලය තුළ ශ‍්‍රී ලංකා රුපියල ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව සියයට 44.8 ක අවප‍්‍රමාණවීමක් වාර්තා කළා.

කෙසේ වෙතත්, එය මැයි මාසයේ සිට මේ දක්වා සාමාන්‍යයක් ලෙස ගතහොත් ඩොලරයට සාපේක්ෂව සුළු අවප‍්‍රමාණවීමක්.

එමෙන්ම පසුගිය බ‍්‍රහස්පතින්දා වනවිට ඩොරලයට අමතරව යුරෝ, ස්ටර්ලින් පවුම, ජපන් යෙන්, ඕස්ටේ‍්‍රලියානු ඩොරලයට සහ ඉන්දියානු රුපියලට සාපේක්ෂවද ශ‍්‍රී ලංකා රුපියල අවප‍්‍රමාණ වී තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required