
ශ‍්‍රී ලංකාවේ පවතින වත්මන් ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ජාත්‍යන්තර සහය තවදුරටත් ලබාගැනීම පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වාර්ෂික සමුළුවේදී සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ප‍්‍රකාශ කළා.
ණය ප‍්‍රතිව්‍යුහගත කරණය පිළිබඳ සාකච්ඡා වට කිහිපයක්ද සමුළුව අතරතුරදී පැවැත්වීමට අපේක්ෂා කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
ඇමරිකාවේ වොෂින්ටන් හි පැවැත්වෙන මෙම සමුළුව සඳහා රාජ්‍ය අමාත්‍යවරයාට අමතරව මුදල් අමාත්‍යාංශ ලේකම්, මහින්ද සිරිවර්ධන, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහද එක්ව සිටිනවා.