පක්ෂ ව්‍යවස්ථාව සශෝධනය කිරීමෙන් අනතුරුව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිස්ත‍්‍රික් සහ ආසන සංවිධායකයින් පළමු වරට අද පක්ෂ මූලස්ථානය වෙත කැඳවා තිබුණත් ඊට පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද දිසානායකට ආරාධනා කර තිබුණේ නැහැ.
පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකරගේ ලිඛිත ඉල්ලීමකට අනුවයි මෙම රැස්වීම පැවැත්වුණේ.
පසුගියදා පක්ෂයේ ආසන සංවිධායක ඇතුළු තනතුරුවලින් ඉවත්කළ කැබිනට් අමාත්‍යවරුන්ගේ සහ රාජ්‍ය අමාත්‍යවරුන්ගේ තනතුරු සඳහාද නව පත්කිරීම් සිදුකර නොමැති පසුබිමකයි මෙලෙස දිස්ත‍්‍රික් සහ ආසන සංවිධායකවරුන් කැඳවා තිබීම විශේෂත්වයක්.
කෙසේ වෙතත්, පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ මෙම රැස්වීම නිදහස් පක්ෂයේ පිරිසක් විසින් වර්ජනය කර ඇති බවයි.