large ad banner
/
/
title icon ප්‍රංශයේ ඉන්ධන අර්බුදයක්.
ප්‍රංශයේ ඉන්ධන අර්බුදයක්.
Editor
1 year ago
Share:
ප්‍රංශයේ ඉන්ධන අර්බුදයක්.

ප්‍රංශයේ තෙල් පිරිපහදු කම්හල් වල සේවකයින් ආරම්භ කර තිබෙන වැඩවර්ජනයක් හේතුවෙන් ප්‍රංශයේ ඉන්ධන හිඟයක් හටගෙන තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි මේ වන විට ප්‍රංශයේ තෙල් පිරිපහදු කම්හල් 07න් 06ක් වසාදමා තිබේ.

මේ නිසා ඉන්ධන පිරවුම්හල් වල දිගු රථ වාහන පෝලිම් දක්නට ලැබේ. තව ද බොහෝ ඉන්ධන පිරවුම්හල් වල ඉන්ධන නොමැති බව ද වාර්තා වෙයි.

සියයට 10ක වැටුප් වැඩිවීමක් ලබා දෙන ලෙස ඉල්ලමින් තෙල් පිරිපහදු කම්හල්වල සේවකයින් මෙම වැඩ වර්ජනය ආරම්භ කර තිබෙන බවට වාර්තා වෙයි.

වැඩි දුරටත්, ප්‍රංශ අග්‍රාමාත්‍ය එලිසෙබෙත් බෝර්න් ප්‍රකාශ කර ඇත්තේ තෙල් සමාගම් සහ වෘත්තිය සමිති අතර එකඟතාවයකට පැමිණීමට නොහැකි නම් ඊට රජය මැදිහත්වී දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව යි.

භාග්‍යා බණ්ඩාර.

 

Top Ads
New Posts Coming Soon
View All Ads
Urgent Ads
New Posts Coming Soon
View All Ads
Popular Ads
New Posts Coming Soon
View All Ads
Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required