large ad banner
/
/
title icon නිවසේ ජල නාස්තිය අවම කරමු.
නිවසේ ජල නාස්තිය අවම කරමු.
Editor
1 year ago
Share:
නිවසේ ජල නාස්තිය අවම කරමු.

 

වර්තමානයේ විදුලි ගැටලුව මෙන්ම මුහුණ දෙන තවත් උග්‍ර ගැටලුවක් වන්නේ ජල ගැටලුවයි. විශේෂයෙන්ම නිවෙස් ආශ්‍රිතව ඇති වන ජලය අපතේ යාම ප්‍රධානම ගැටලුවකි.කාන්තාවක් ලෙස ඔබ නිවසේ මුළුතැන්ගෙය ඇතුළු අනෙක් කටයුතු සිදු කිරීමේදී ජල නාස්තිය අවම වන ලෙස කටයුතු කිරීම ඔබගේ වගකීමකි.

විශේෂයෙන්ම ආහාර පිසින අවස්ථා වලදී, භාජන සෝදන අවස්ථා වලදී නිතර නිතර ජල කරාමය විවෘත නොකර එක් භාජනයකට ජලය පුරවගෙන භාජන සේදීම කළ හැකි නම් අනවශ්‍ය ජල භාවිතය අවම කර ගත හැක.

විශේෂයෙන්ම දෛනික කටයුතු වල නිරත වීමේදී ජලය අපතේ යාම නිසා අවශ්‍යම අවස්ථා වලදී ඔබට ජලය නොමැතිව පීඩා විදීමට සිදු වනු ඇත. ලෝකයේ බොහොමයක් රටවලට සිදු වී ඇත්තේද එයමයි.

අප එතරම් තැකීමක් නොකරනම දෙයක් වන්නේ ජල කාන්දුවයි. එනම් ටැප් මගින්, කොමඩ් මගින්, සින්ක් හරහා සිදු වන ජල කාන්දුව නිවැසියන් එතරම් සැලකිල්ලක් නොදක්වන දෙයක් විය හැක.

දිය නෑමේදී පමණක් නොව රෙදි සේදීමේදී , දත් මැදීමේදී නාන කරාම , ටැප් ආදිය අනවශ්‍ය ලෙස ඇර තිබීම හරහා ජලය අපතේ යනු ඇත.
වර්තමානයේ රටේ පවතින ආර්ථික , දේශපාලන , සමාජ අස්ථාවර භාවයත් සමග උග්‍ර ජල ගැටලුව වැනි ගැටලු පැන නැගුණහොත් ඒවාට විසදුම් සෙවීම ඉතා අසීරු වනු ඇත. එම නිසා එවැනි ගැටලුවක් ඇති වීමට පෙරම ජල නාස්තිය අවම කර ගැනීම අප කාගේ කාගෙත් වගකීමකි.

දිල්කි රත්නායක.

Top Ads
New Posts Coming Soon
View All Ads
Urgent Ads
New Posts Coming Soon
View All Ads
Popular Ads
New Posts Coming Soon
View All Ads
Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required