/
/
title icon විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් නවතම විමර්ශනය.
විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් නවතම විමර්ශනය.
Editor
1 year ago
Share:
විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් නවතම විමර්ශනය.

ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගයකට අනුව පසුගිය රජයේ වැරදි ආර්ථික කළමනාකරණ තීරණ සම්බන්ධයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

විගණකාධිපති චූලන්ත වික‍්‍රමරත්න කියා සිටියේ මහ බැංකුවේ සිටින තම දෙපාර්තමේන්තු නිලධාරීන්ට අමතරව අදාළ විමර්ශනය සිදුකිරීම සඳහා තවත් නිලධාරීන් කණ්ඩායම් යොදවා ඇති බවයි.

මෙම විගණනයට අවශ්‍ය තොරතුරු මහ බැංකුවෙන් සහ මහ භාණ්ඩාගාරයෙන්ද ලබාගන්නා බව විගණකාධිපතිවරයා ප‍්‍රකාශ කළා.

වත්මන් ආර්ථික අර්බුදයට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව විමර්ශනයක් කරන ලෙස රජය වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ ඇතුලූ පිරිසකට එරෙහිව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා අවසර ලබා දුන්නා.

මෙම පෙත්සම් ගොනුකර තිබුණේ වානිජ මණ්ඩලයේ හිටපු සභාපතිවරයෙකු වන චන්ද්‍රා ජයරත්න ඇතුලූ පිරිසක් සහ මහාචාර්ය මහීම් මෙන්ඩිස් ඇතුලූ පිරිසක් විසින්.

වගඋත්තරකරුවන් ඉදිරිපත් කර තිබෙන ඇමරිකානු ඩොලරය රුපියල් 203/- ක වටිනාකමේ රඳවා ගැනීමට උත්සාහ කිරීම, ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර සඳහා ඉකුත් ජනවාරි මාසයේ දී ඇමරිකානු ඩොලර් මිලියන 500ක මුදලක් ගෙවීම සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විගණකාධිපතිවරයාට නියෝග කළා.

එසේම ආර්ථික අර්බුදය ඇතිවූ අවස්ථාවේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා නොගැනීම සම්බන්ධයෙන්ද විමර්ශනයක් කර අදාළ වාර්තාව ලබන වසරේ ජනවාරි මස 18 වනදාට පෙර ඉදිරිපත් කරන ලෙසයි ශ්‍රේෂ්ඨාධිකරණය එහිදී විගණකාධිපතිවරයාට නියෝග කළේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required