large ad banner
/
/
title icon අහුන්ගල්ලේ වෙඩි තියන්න ගිනි අවිය දුන් හමුදා සැරයන් අල්ලයි.
අහුන්ගල්ලේ වෙඩි තියන්න ගිනි අවිය දුන් හමුදා සැරයන් අල්ලයි.
Editor
1 year ago
Share:
අහුන්ගල්ලේ වෙඩි තියන්න ගිනි අවිය දුන් හමුදා සැරයන් අල්ලයි.

අහුන්ගල්ලේ වෙඩි තැබීමේ සිද්ධියට ටී 56 ගිනි අවිය ලබාදුන් යුද හමුදා මාණ්ඩලික සැරයන්වරයා පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලද බුද්ධි තොරතුරකට අනුව සැකකරු ජංගම දුරකථන දෙකක් සමඟ ඊයේ අත්අඩංගුවට ගෙන තිබුණේ රාජකාරියේ යෙදී සිටියදී කිලිනොච්චිය දෙවන කමාන්ඩෝ රෙජිමේන්තු කඳවුරේදියි.

එම කඳවුරට අයත් ගිනි අවියක් ලබාදී මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමට ආධාර අනුබලදීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් සැකකරු 41 හැවිරිදි මැල්සිරිපුර ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෙම යුද හමුදා මාණ්ඩලික සැරයන්වරයා මීට පෙර අවස්ථා කිහිපයකදී විවිධ අපරාධ ක‍්‍රියා සඳහා ගිනි අවි සපයා ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

පසුගිය 12 වනදා අහුන්ගල්ල ප‍්‍රදේශයේ හෝටලයක් ආසන්නයේදී ටී 56 ගිනි අවියකින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා බලපිටිය රෝහලට ඇතුළත් කෙරුණා.

එමෙන්ම වෙඩි තැබීමට පැමිණි ඇඹිලිපිටියේ ඉන්දික නැමැත්තා පොලිස් විශේෂ කාර්ය බලකාය සමඟ සිදුවූ වෙඩි හුවමාරුකදී පසුගිය 13 වනදා ජීවිතක්ෂයට පත්වුණා.

Top Ads
New Posts Coming Soon
View All Ads
Urgent Ads
New Posts Coming Soon
View All Ads
Popular Ads
New Posts Coming Soon
View All Ads
Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required