/
/
title icon බෝඹුරු ඇල්ලේ සුන්දරත්වය.
බෝඹුරු ඇල්ලේ සුන්දරත්වය.
Editor
1 year ago
Share:
බෝඹුරු ඇල්ලේ සුන්දරත්වය.

බෝඹුරු ඇල්ල ලංකාවේ පළලින් වැඩිම දිය ඇල්ල ලෙස නම් දරයි. බෝඹුරු ඇල්ල පේරවැල්ල ඇල්ල යනුවෙන් ද ඇතැමෙක් හදුන්වනු ලැබේ. වැලිමඩ නගරයේ සිට කිලෝ මීටර් 15 ක් පමණ දුරින් මෙම ඇල්ල පිහිටා ඇත. එමෙන්ම නුවරඑළිය හා බදුල්ල දිස්ත්‍රික්ක මායිම් වලට සමීපව මෙම ඇල්ල පිහිටා ඇත.

මහවැලි ගංගාවේ තවත් අතුගංගාවක් ලෙස සැලකෙන දුල්ගල ගග ගල් තලාවකින් කොටස් හතරකට බෙදී ඇද හැලීම තුළින් මෙම දිය ඇල්ල නිර්මාණය වේ. ඇල්ලේ උස මීටර 50ක් පමණ වන අතර පළල මීටර 20ක් පම්ණ වේ. දිය ඇල්ලෙන් පහල කොටස උමා ඔය ලෙස හැදින්වෙන බව මූලාශ්‍ර සදහන් කරයි.

  • මෙම දිය ඇල්ලට බෝඹුරු ඇල්ල ලෙස හැදින්වීම පිටුපස ඇත්තේද අපූරු කතාවකි. කලක් අප්‍රසිද්ධව පැවතියත් සංචාරකයන්ගේ පැමිණීමත් සමග දිය ඇල්ලට යන මාර්ගයද යම් දුරකට සකස් කර තිබීම පැසසිය යුතු කරුණකි.
    ජෛව විවිධත්වයෙන් අනූන මෙම පරිසරය ඉංග්‍රීසීන්ගේ සමයේ සතුන් දඩයමි කළ බිමක් ලෙසද හැදින්වේ. ඇල්ලේ හඩ විශාල අතර එයින් නැගෙන පින්න මීටර 30ක් පමණ ඈතට විසිවේ. ඇල්ලට පහළින් ඔබට දිය නෑමට සුදුසු තැනක්ද ඇත. බෝඹුරු ඇල්ලේ ඉහලට මීදුම ගලන විට ඇල්ල තවත් සුන්දරය.
  • මේ සුන්දර දිය ඇල්ල නරඹන්නට එන ඔබට අත්විඳින්නට හැකි අවට පරිසර පද්ධතියත්, ඈත දනව්වල දර්ශනත් සිත් ඇද ගන්නා සුළුයි.

දිල්කි රත්නායක

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required