/
/
title icon ගල් අඟුරු නෞකාවක් දිවයිනට – ගොඩබෑම අද.
ගල් අඟුරු නෞකාවක් දිවයිනට – ගොඩබෑම අද.
Editor
1 year ago
Share:
ගල් අඟුරු නෞකාවක් දිවයිනට – ගොඩබෑම අද.

මෙට්‍රික් ටොන් 60,000 ක් රැගත් ගල් අඟුරු නෞකාවක් ඊයේ පස්වරුවේ දිවයිනට ළඟාවුණා. එය මේ වනවිට පුත්තලම මුහුදු තීරයේ නැංගුරම්ලා තිබෙනවා.

රේගු නිෂ්කාශන කටයුතු අවසන් කිරීමෙන් පසු එය අද දිනයේදී ගොඩබෑමටයි නියමිතව ඇත්තේ.

මේ අතර නඩත්තු කටයුතු සඳහා පසුගිය ජුනි මාසයේදී අක්‍රීය කෙරුණු නොරොච්චෝලේ ලක් විජය බලාගාරයේ දෙවන ජනන යන්ත‍්‍රය තවත් දින හතරකින් හෝ පහකින් යළි ජාතික පද්ධතියට එක් කිරීමේ හැකියාව පවතින බව විදුලිබල මණ්ඩලය පවසනවා. එමඟින් මෙගාවොට් 300 ක ධාරිතාවක් ජාතික පද්ධතියට එක් කෙරෙනවා.

නොරොච්චෝලේ බලාගාරයේ දැනට කි‍්‍රයාත්මක ජනන යන්ත‍්‍ර දෙක මගින් මෙගාවොට් 600 ක් ජාතික පද්ධතියට එක් කෙරෙන අතර, නඩත්තු කටයුතු සිදු කෙරෙන දෙවන ජනන යන්ත‍්‍රයත් පද්ධතියට එක් කිරීමෙන් අනතුරුව බලාගාරය පූර්ණ ධාරිතාවයෙන් ක්‍රියාත්මක වනු ඇති.  

 

 

 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required