large ad banner
/
/
title icon තැපැල් කාර්යාලවලින් විදුලි, ජල බිල්පත් ගෙවීමේදී අය කෙරෙන ගාස්තුව ඉහළට.
තැපැල් කාර්යාලවලින් විදුලි, ජල බිල්පත් ගෙවීමේදී අය කෙරෙන ගාස්තුව ඉහළට.
Editor
1 year ago
Share:
තැපැල් කාර්යාලවලින් විදුලි, ජල බිල්පත් ගෙවීමේදී  අය කෙරෙන ගාස්තුව ඉහළට.

තැපැල් කාර්යාල මගින් විදුලි සහ ජල බිල්පත් ගෙවීමේදී අය කරන ගාස්තුව රුපියල් විස්ස දක්වා ඉහළ දමා තිබෙනවා.

ඊට අදාළ චක‍්‍රලේඛය සියලූම තැපැල් ස්ථානාධිපතිවරුන්ට යොමුකර ඇති බවයි තැපැල්පති රංජිත් ආරියරත්න ප‍්‍රකාශ කළේ.

මීට පෙර ජල බිල්පතක් ගෙවීමේදී රුපියල් පහක මුදලක් අය කළ අතර, එය රුපියල් 15 කින් ඉහළ දමා තිබෙනවා.

විදුලි බිල්පතක් සඳහා මීට පෙර විදුලිබල මණ්ඩලය විසින් තැපැල් දෙපාර්තමේන්තුවට සියයට දෙකක් ගෙවූ අතර, එය සියයට එක දක්වා පහත හෙළීම හේතුවෙන් රුපියල් විස්සක මුදලක් පාරිභෝගිකයාගෙන් අය කිරීමටයි තැපැල් දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත්තේ.

තැපැල්පතිවරයා ප‍්‍රකාශ කළේ දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් වියදම් ඉහළයාම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි. ඒ, මුදල් අමාත්‍යාංශයේ අනුමැතියට යටත්වයි.

එමෙන්ම මෑතකදී පැනවූ සියයට 2.5 ක සමාජ ආරක්ෂණ බද්ද විදුලි බිලට එකතු කිරීමට මහජන උපයෝගීතා කොමිසම විදුලිබල මණ්ඩලයට පසුගියදා අවසර ලබාදුන්නා.

Top Ads
New Posts Coming Soon
View All Ads
Urgent Ads
New Posts Coming Soon
View All Ads
Popular Ads
New Posts Coming Soon
View All Ads
Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required