large ad banner
/
/
title icon මාතර – තිහගොඩ වෙඩි තැබීමට උප පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට – පොලිස් ජිප් රථයකටත් ප‍්‍රහාරයක්.
මාතර – තිහගොඩ වෙඩි තැබීමට උප පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට – පොලිස් ජිප් රථයකටත් ප‍්‍රහාරයක්.
Editor
1 year ago
Share:
මාතර – තිහගොඩ වෙඩි තැබීමට උප පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට – පොලිස් ජිප් රථයකටත් ප‍්‍රහාරයක්.

 

මාතර තිහගොඩ නායිම්ඹල ප‍්‍රදේශයේ පොලිසිය විසින් සිදුකළ වැටලීමක් අතරතුර සිදුවූ වෙඩි වැදීමකයින් 15 හැවිරිදි ළමයෙකු තුවාල ලැබීමේ සිද්ධියට අදාළව උප පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධියට අදාළව විමර්ශන සිදු කරන විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අදාළ උප පොලිස් පරික්ෂකවරයා අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් 57 හැවිරිදි පොලිස් පරික්ෂකවරයා මේ වනවිට වැඩ තහනමට ලක් කර තිබෙනවා.

ඒ අනුව ඔහු අද දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

එමෙන්ම දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණගේ අධීක්ෂණයෙන් සහකාර පොලිස් අධිකාරිවරයෙකුගේ මුලිකත්වයෙන් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ක්‍රියාත්මකයි.

ත‍්‍රිරෝද රථයක ගමන් කළ පිරිසක් පරීක්ෂා කිරීමට යාමේදී මෙම වෙඩි වැදීම සිදුව ඇති අතර එහි දී තුවාල ලැබූ 15 හැවිරිදි ළමයා පළමුව මාතර රෝහලට ඇතුළත් කර ඇති අතර අනතුරුව වැඩිදුර ප‍්‍රතිකාර සඳහා ගාල්ල – කාරපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබුණා.

සිද්ධියෙන් අනතුරුව ප‍්‍රදේශවාසීන් තිහගොඩ පොලිසිය අසලට පැමිණ සිය විරෝධය පළ කළා.

මේ අතර ප‍්‍රදේශවාසීන් විසින් තිහගොඩ පොලිස් ස්ථානයේ නවතා තිබූ පොලිස් ජිප් රථයකට ද ඊයේ රාත‍්‍රියේ ගල් ප‍්‍රහාර කිහිපයක් එල්ල කර තිබුණා.

පසුව එම ස්ථානයට දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණද පැමිණ තිබූ අතර, ඔහු ප‍්‍රදේශවාසීන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඔවුන් පිටව ගිය බවයි වාර්තාවන්නේ.

Top Ads
New Posts Coming Soon
View All Ads
Urgent Ads
New Posts Coming Soon
View All Ads
Popular Ads
New Posts Coming Soon
View All Ads
Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required