/
/
title icon කඳුරට දෙමල ප්‍රජාව සමාජයට ඒකාබද්ධ කිරීමට ජනපතිගෙන් කමිටුවක්.
කඳුරට දෙමල ප්‍රජාව සමාජයට ඒකාබද්ධ කිරීමට ජනපතිගෙන් කමිටුවක්.
Editor
1 year ago
Share:
කඳුරට දෙමල ප්‍රජාව සමාජයට ඒකාබද්ධ කිරීමට ජනපතිගෙන් කමිටුවක්.

 

කඳුරට දෙමළ ප‍්‍රජාව තවදුරටත් මෙරට සමාජයට ඒකාබද්ධ කරන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ ප‍්‍රකාශ කළා.

එම ප‍්‍රජාවගෙන් කොටසක් මෙරට සමාජය සමග සාර්ථකව ඒකාබද්ධ වී ඇති නමුත්, ඇතැම් පිරිසක් තවමත් එසේ නොවන බැවින් ඔවුන්ට සහය වීමට කටයුතු කරන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

ලංකා කම්කරු කොංගස‍්‍රය කරන ලද ඉල්ලීමක් අනුව ඉන්දීය ජනතාව විසින් පරිත්‍යාග කරන ලද ඖෂධ තොගයක් භාර ගැනීමේ අවස්ථාවට අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී එක්වෙමිනුයි ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මේ බව කියා සිටියේ.

වසර 23 කට පෙර අභාවප‍්‍රාප්ත වූ සෞම්‍ය මූර්ති තොණ්ඩමන් සිහිපත් කිරීම සඳහා මෙම පරිත්‍යාගය සිදුකර තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required