large ad banner
/
/
title icon නිදහස් පක්ෂය හදිසියේ මධ්‍යම කාරක සභාව කැඳවයි – කලකට පසු ජාතික සංවිධායකටත් ආරාධනයක්.
නිදහස් පක්ෂය හදිසියේ මධ්‍යම කාරක සභාව කැඳවයි – කලකට පසු ජාතික සංවිධායකටත් ආරාධනයක්.
Editor
1 year ago
Share:
නිදහස් පක්ෂය හදිසියේ මධ්‍යම කාරක සභාව කැඳවයි – කලකට පසු ජාතික සංවිධායකටත් ආරාධනයක්.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද පස්වරුවේ පැවැත්වුණා. ඩාර්ලි පාරේ පිහිටි එම පක්ෂ මූලස්ථානයේදී පස්වරු 5 ට මධ්‍යම කාරක සභා රැස්වීම ආරම්භ කරනු ලැබුවේ පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ ප‍්‍රධානත්වයෙන්.

පක්ෂයේ තීරණයට පටහැනිව යමින් අමාත්‍ය ධුර ලබා ගත් නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨතම සාමාජිකයින් කිහිපදෙනෙකු තනතුරුවලින් ඉවත් කිරීමෙන් පසු පැවැත් වූ පළමු මධ්‍යම කාරක සභාව මෙය වනවා.

එමෙන්ම, පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද දිසානායක, කිසිදු අමාත්‍ය ධුරයක් ලබා නොගත් පසුබිමක් තුළ ඔහුටද පසුගියදා පැවති පක්ෂයේ ආසන හා දිස්ත‍්‍රික් සංවිධායක රැස්වීම් සඳහා කැඳවීම් කර තිබුණේ නැහැ.

එහෙත්, අද පැවති මධ්‍යම කාරක සභා රැස්වීම සඳහා ඔහුට ආරාධනා කර තිබූ බවයි වාර්තා වන්නේ.

Top Ads
New Posts Coming Soon
View All Ads
Urgent Ads
New Posts Coming Soon
View All Ads
Popular Ads
New Posts Coming Soon
View All Ads
Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required