/
/
title icon හික්කඩුවේ වෙඩි තැබීමෙන් මියගියේ පාතාලයේ දෙකක් – වෙඩි තබා ඇත්තේ ඝාතන නඩුවකට යමින් සිටියදීයි.
හික්කඩුවේ වෙඩි තැබීමෙන් මියගියේ පාතාලයේ දෙකක් – වෙඩි තබා ඇත්තේ ඝාතන නඩුවකට යමින් සිටියදීයි.
Editor
1 year ago
Share:
හික්කඩුවේ වෙඩි තැබීමෙන් මියගියේ පාතාලයේ දෙකක් – වෙඩි තබා ඇත්තේ ඝාතන නඩුවකට යමින් සිටියදීයි.

 

හික්කඩුව – තිරානගම ප‍්‍රදේශයේදී යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් සිදුකල වෙඩි තැබීමකින් යතුරු පැදියකින් ගමන් කරමින් සිටි දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා. මෙය පාතාල ගැටුමක ප‍්‍රතිඵලයක් බවටයි තොරතුරු ලැබී ඇත්තේ.

අද පෙරවරුවේ ගාල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයේ පැවති ඝාතන නඩුවකට පෙනී සිටීම සඳහා යමින් සිටි මොවුන් දෙදෙනාට යතුරු පැදියකින් පැමිණි තවත් දෙදෙනෙකු විසින් ටී 56 ගිනි අවියකින් වෙඩි තබා පළාගොස් තිබුණා.

මොවුන් කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමේදි මියගොස් ඇති බවටයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස මියගොස් ඇත්තේ හික්කඩුව කලූපේ ප‍්‍රදේශයේ පදිංචි අවුරුදු 47 සහ 26 යන වයස්වල පසුවන්නන් දෙදෙනෙක්.

මියගිය දෙදෙනා මීට වසර දෙකකට පමණ පෙර හික්කඩුව ප‍්‍රදේශයේදී කටා රොෂාන් නැමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයා ඝාතනයේ ප‍්‍රධාන සැකකරුවන් බවයි පොලිසිය සඳහන් කළේ.

මීට පෙර අවස්ථා කිහිපයකදී මෙම පාතාල කල්ලි දෙක අතර ඝාතන සිදුව ඇති බව හෙළිව තිබෙනවා.

එමෙන්ම මියගිය පුද්ගලයින් දෙදෙනා මනුෂ්‍ය ඝාතන ඇතුළු අපරාධ ක‍්‍රියා රැසකට සම්බන්ධ බවටයි තොරතුරු ලැබී ඇත්තේ.

ඒ සම්බන්ධයෙන් අධිකරණ කිහිපයක නඩු විභාග වෙමින් පවතින බව පොලිසිය සඳහන් කළා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required

logo