large ad banner
/
/
title icon ප්‍රියමාලිගේ වංචාවලට ඇල්ලූ හිමිනම අද අධිකරණයට.
ප්‍රියමාලිගේ වංචාවලට ඇල්ලූ හිමිනම අද අධිකරණයට.
Editor
1 year ago
Share:
ප්‍රියමාලිගේ වංචාවලට ඇල්ලූ හිමිනම අද අධිකරණයට.

 

මූල්‍ය වංචා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින තිළිණි ප‍්‍රියමාලි සහ ඉසුරු බණ්ඩාර මෙන්ම ඊයේ ඊට අදාළව අත්අඩංගුවට ගත් පූජ්‍ය බොරැල්ලේ සිරි සුමන හිමියන් අද අළුත්කඩේ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තිළිණි ප‍්‍රියමාලිගේ මහා පරිමාණ මූල්‍ය වංචා චෝදනා සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව කඩවත – සිරි අරත්තක සමාධි අරණ විහාරස්ථානයේ වැඩවාසය කරන පූජ්‍ය බොරැල්ලේ සිරි සුමන හිමියන් අත්අඩංගුවට ගෙන තිබුණේ ඊයේ පස්වරුවේයි.

විහාරස්ථානයේදී උන්වහන්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් අතර, අනතුරුව ප‍්‍රකාශ ලබාගැනීමට එම දෙපාර්තමේන්තුව වෙත රැගෙනවිත් තිබුණා.

තිළිණි ප‍්‍රියමාලි ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පවත්වාගෙන ගිය ව්‍යාපාරය සඳහා ආයෝජනය කිරීමට වෙනත් පුද්ගලයන්ගෙන් මුදල් ලබාගැනීමට මෙම හිිමිනම හවුල්වී ඇති බව වාර්තා වනවා.

එම ව්‍යාපාරිකයන් ලබාදෙන මුදල්වලට ඇපයක් ලෙස රන් ආලේපිත පිත්තල පොලූ ආරක්ෂාව සඳහා තැන්පත් කර ඇත්තේ පූජ්‍ය බොරැල්ලේ සිරි සුමන හිමියන් ළඟ බවට බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි පසුගියදා පැවති මාධ්‍ය හමුවකදීද අනාවරණ කළා.

මේ අතර තිළිණි ප‍්‍රියමාලි සමඟ ගනුදෙනු කළ කලා ක්ෂේත‍්‍රයට සම්බන්ධ තවත් නිළියන් දෙදෙනෙකුට යලිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනි සිටින ලෙස දැනුම් දි තිබෙනවා.

ඒ, සිදුකර තිබු දැනුම්දීමට අනුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ඔවුන් පෙනී නොසිටීම හේතුවෙන්.

මීට පෙර සේමිණි ඉද්දමල්ගොඩ ඇතුළ නළු නිලියන්, නිවේදක නිවේදිකාවන් ඇතුළු 4 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඔවුන්ගෙන් ප‍්‍රකාශ සටහන් කර ගෙන තිබුණා.

Top Ads
New Posts Coming Soon
View All Ads
Urgent Ads
New Posts Coming Soon
View All Ads
Popular Ads
New Posts Coming Soon
View All Ads
Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required