/
/
title icon අසූර් යළි ශ්‍රී ලංකාවට ගමන් අරඹයි – පළමු යානය කටුනායකට.
අසූර් යළි ශ්‍රී ලංකාවට ගමන් අරඹයි – පළමු යානය කටුනායකට.
Editor
1 year ago
Share:
අසූර් යළි ශ්‍රී ලංකාවට ගමන් අරඹයි –  පළමු යානය කටුනායකට.

 

ශ‍්‍රී ලංකාව සමග ගුවන් ගමන් යළි ආරම්භ කරමින් රුසියාවේ අසූර් ගුවන් සමාගමට අයත් ඉසෙඩ් එෆ් – 1611 දරණ ගුවන් යානය කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණියා.

අද පෙරවරු 9.45 ට මෙම යානය මෙරටට පැමිණියේ රුසියාවේ මොස්කව් නුවර සිටයි. එහි මගීන් 335 දෙනෙකු සිට තිබෙනවා.

අද සිට ශ‍්‍රී ලංකාව වෙත සිය සේවාවන් දියත් කරන රුසියාවේ අසූර් ගුවන් සමාගම සෙන්පීටර්ස්බර්ග්, ක‍්‍රස්නයාස්ක්, නොවෝසර්බියක් සිට දින 10කට වරක් දිවයිනට පැමිණීමට නියමිතයි.

එමෙන්ම මොස්කව් සිට සතියකට දින දෙකක් අසූර් ගුවන් සමාගමට අයත් යානාවක් පැමිණෙන බවයි රුසියාවේ ශ‍්‍රී ලංකා තානාපති මහාචාර්ය ජනිතා ලියනගේ සඳහන් කළේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required