/
/
title icon මෙම සතියේ ඉන්ධන මිලේ වෙනසක් නැහැ – ඇමති කංචන.
මෙම සතියේ ඉන්ධන මිලේ වෙනසක් නැහැ – ඇමති කංචන.
Editor
1 year ago
Share:
මෙම සතියේ ඉන්ධන මිලේ වෙනසක් නැහැ – ඇමති කංචන.

මෙම සතියේදී ඉන්ධන මිලේ සංශෝධනයක් සිදුනොවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

මිල සූත‍්‍රයට අනුව සාමාන්‍යයෙන් ඉන්ධන මිල සම්බන්ධයෙන් සළකා බැලෙන්නේ සෑම මසකම පළවැනිදා සහ 15 වැනිදායි.

කෙසේ වෙතත් ට්විටර් සටහනක් තබමින් අමාත්‍යවරයා පිරවුම්හල් හිමියන්ගෙන් ඉල්ලා සිටියේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා අයි. ඕ.සී. සමාගම සතුව අවශ්‍ය තරම් ඉන්ධන තොග පවතින බැවින් ඇණවුම් ලබා ගැනීමට කටයුතු කරන ලෙසයි.

මේ අතර මිල සූත‍්‍රයට අනුව මෙම සතියේදී ගෑස් මිල සංශෝධනයක් සිදුකිරීමට නියමිත බව ලිට්‍රෝ සමාගම මීට පෙර ප‍්‍රකාශ කළා.

දැනට වෙළදපළේ ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රුපියල් 4,280 කට අලෙවි වනවා.

අවසන් වරට ගෑස් මිල රුපියල් 271 කින් පහළ දමනු ලැබුවේ පසුගිය සැප්තැම්බර් මාසයේදීයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required

logo